Pages

Wednesday, August 9, 2017

මූණු පොතට හුරු වෙයන්.... ඒක පට්ට




ලොව බිලියන 2කටත් අධික පිරිසක් නිතර යන එන මුහුණුපොත අදවන ලංකාවේද නොදන්නා කෙනෙක් නොවන තරම්ය. මුහුණුපොත පසුගිය දශකයක පමණ කාලය තුළ තරුණ පරපුර ආකාර්ෂණය කරගත්තේය. ඓන්ද්‍රීය සමාජයක හුදකලාව ජීවත්වන අද තරුණ පරපුර තත්‍යාසන්න සමාජයකට ගෙන යන මුහුණු පොත පණිවිඩ හුවමාරුවට තෝතැන්නක් විය. 

මුහුණු පොතේ ඔබේ මුහුණ

මුහුණට කියන්න බැරි බොහෝ දේ මුහුණුපොතේ ප්‍රොෆයිලයකට මුවාවෙමින් කියගන්නට හැකියාවක් ඔවුන්ට උදාවිය. විටෙක මේ සියල්ල හැගීම්ය. මේ හැගීම් මිනිසුන් අතරට ගෙන ගියේ පෝස්ට් එකක් මගිනි. එය ඉතාමත් ආරක්ෂාකාරී මෙන්ම විනෝදාත්මක කටයුත්තක් විය. 







මුහුණු පොත මගින් පෞද්ගලිකත්වය සීමා කර ඇති අතර පොදු වේදිකාවක් තුළ එකිනෙකා තේරුම් ගැනීමක් සිදු කරයි. එම තත්‍යාසන්න යථාර්ථය තුළ බිහිවන ආදර කතා, විරහ වේදනා, දේශපාලනික මති මතාන්තර, කලීන තේමා, මතින් සාකච්ඡුාවට වේදිකාවත් බිහිවිය. සමහර විට ප‍්‍රධාන ධාරාවේ මාධ්‍යවලින් නිකුත් කරන ප‍්‍රවෘත්ති දැක බලාගන්නේද මුහුණුපොතෙනි. යම් විටක අනාගත පරපුර මුහුණුපොත ආගමක් කරගත් අවස්ථාද දක්නට ලැබේ. 





මුහුණුපොතෙන් බිහි වූ සමාජ ප‍්‍රවණතා

සුජී දීපන් ෆෝන් එක ළමයෙකුට, අදාල නෑනේ, පිස්සෙක් වගේ, සිරිපාල ඒ වගේ උඹත් සිරිපාල වගේ වෙයන් වැනි මුහුණු පොතෙන් කලින් කලට ආ ප‍්‍රවණතා සමග නූතන සමාජානුයෝජනයද සිදුවෙයි. අද පවුල, පාසල දරුවෙකු සමාජානුයෝජනය කිරීමට පළමුව මුහුණු පොත ඔහුව සමාජානුයෝජනය කරනු ඇත. 




මුහුණු පොත යනු ඇබ්බැහි වීමක්ද?

උදේ අවධිවීමෙන් පසු රාත‍්‍රියේ නින්දට යන තෙක් කාලය තුළ භෞතික වශයෙන් සමාජයට නොයන පුද්ගලයා හැසිරෙන්නේ තත්‍යාසන්න සමාජයකය. මිනිසා ස්වාභාවයෙන් සමාජීය සත්ත්වයකු වන නිසා ඔහුට සමාජයෙන් තොර ජීවත්විය නොහැකි. ඔහු තමා කේන්ද්‍රකරගත් සමාජයක් මුහුණු පොත මගින් ගොඩනගා ගනී. ඒ තුළ ජීවත් වෙයි. ඒ තුළ තොරතුරු හුවමාරු කරගනී. ඒ තුළ තම නොදමනය වූ සිතට අවැසි ලෙස හැසිරේ. එමගින් ඔහුගේ ප‍්‍රතිරූපයට හානියක් නොවෙයි. ඔහු එම සමාජය තුළ තෘප්තිමත්ව සිටී. ආහාර, මුදල් හා රැකියාව උදෙසාවන තරුණ අසහනයද ඩිජිටල්කරණය වේ. කොටින්ම කිව්වොත් ලොවක් පිළිගන්නා පුද්ගලයකු ලෙස තත්‍යාසන්න සමාජය තුළ සැරිසරමින් ජීවිතය හතරැස් රාමුවක ජීවත් කරයි.



මුහුණු පොතෙන් බිහිවන පෞරුෂය

ඔහු තොරතුරුවලින් සන්නද්ධයි, ඔහු නිර්මාණශීලියි, ඔහුට නොදමනය වූ සිත කියන දේ කළ හැකියි එහෙත්  ඔහු සැබෑ ලෝකයේ වරදකරුවෙක් නොවේ. ඔහුට මිතුරන් සිටී, ඔහුගේ අනුගාමිකයන් සිටී. ඔහු එම සමාජය විසින් පිළිගත් පුද්ගලයෙකි. රැුකියාව, රූපය, තරාතිරම, දුප්පත් පොහොසත් බව, වංශය, පරම්පරාව යනු භාධා නොවේ. අධ්‍යාපනය හෝ භාෂාව පිළිබ`ද නොතකයි. එම සමාජය තුළ ඔහු නිදහස්. මේ කරුණු ඔහු මුහුණුපොතට ළංකර තබාගනී.



මුහුණු පොතද සැබෑ සමාජයද අදාල නෑනේ

සැබෑ සමාජය තුළ නොදකින විශේෂත්වයක් මුහුණුපොතෙන් බිහිවන සමාජය තුළ දක්නට ලැබේ. සැබෑ සමාජය මුහුණු පොතට ගෙන යාමද වරදක් නොවේ. එහෙත් තත්‍යාසන්න සමාජයක් වන මුහුණුපොතින් බිහිකරන සමාජ සංස්කෘතිය අගතිගාමී ලෙස සැබෑ සමාජයට ආරෝපණය කරනවා නම් එය වරදක් විය හැකියි. එමගින් තව බොහෝ සමාජ සුබ සාධන කළ හැකිය. මාර්ග ගත මාධ්‍යවේදය තුළින් සිදුවිය යුත්තේ එයම නොවේද?




 දුල්හරි ඉලංගකෝන්

SC/PG/MAMM/2016/2017/01.

1 comments:

Bharathamalla said...

nice one, really enjoyed reading this

Post a Comment