Pages

Tuesday, August 8, 2017

සමාජ මාධ්‍යයේ ලින්ගික මුහුනුවර


නව මාධ්‍ය බාවිතයෙ වඩා ප්‍රචලිත මාධ්‍ය වන්නේ සමජ මාධ්‍ය යයි. මුහුනු  පොත, ඒ අතර ප්‍රධාන වෙ. අද නව පරපුර අතර, මුහුණු පොතප්‍රචලිත ප්‍රකාශන මාධ්‍ය යකි. විශේෂයෙන්ම සිය හැඟීම් ප්‍රකාශ කරන මෙවලම මුහුණු පොතයි . ලොව පුරා මුහුණුපොත් ගිනුම් මිලියන ගනනක් පවතී.  
එම ප්‍රමාණයෙන්ම මුහුණු පොතට.ඇති  ඉල්ලුම පෙන්නුම් කරයි. මුහුණුපොත එක් අතකට මිනිස්  බාවයන් ගේ කැඩපතක් ලෙස හැඳින්විය  හැකිය. අද ගෝලීය සමජ ස්න්දර්බය තුල මානවය සිය අවශ්‍යතා සපුරා ගන්නා වාහකය බවට පත්ව ඇත්තේ E-තාක්ෂණයයි.



අන්තර්ජාලය මුලු ලොවම තනි යායක් බවට පත්කර තිබේ. ප්‍රාතමික මානවයගෙ අවශ්‍යතා සහ ,නූනන මානවයගෙ අවශ්‍යත අතර වෙනසක් නොවුනත්,  නූතන මානවය තමඅවශ්‍යතා සපුරා ගන්නා මාදිලියෙ වෙනසක් පවතී. ආහාර, ආරක්සාව ,ලින්ගිකත්වය  මුලික මිනිස් අවශ්‍යතාවෙ. ප්‍රතමික , නූතන යනුවෙන් එහි වෙනසක් නොවේ. නමුත් අද දවසේ නූතන  මානවය සිය අවශ්‍යතා  සපුරා    ගැනීමට අන්තර්ජාලය සුලබ වාහකයක් බවට පත්කර ගෙන ඇත.  මුහුණුපොත මේ අතුරින් මුල් තැනක පවතී. මුහුණුපොත තුල අන්නනය තාවය වසන් කල හැකි නිස ඕනාම අයෙකුට වෙනස්ලෙසකින් පෙනි සිටීමට පුලුවන.    මෙය එක් අතකින්  බොහෝ අන්තර්ජාල ලින්ගික අපරාධවලට අනුබල දිමක්  ලෙස පෙන්වා දීමට පුලුවන.
                             
සයිබර් අවකාශයේ ලින්ගිකත්වය  හුදකලාව සිදුවනාවු ක්‍රියාවකි. ඒ නිසම එහි ඇති අනතුරද වැඩිය.මුලික මිනිස් සමජයෙ වු සාමූහික බව නූතන සමාජයේ නොවිම බොහෝ සයිබර් අපරාධ වලට හේතුවකි .මේ නිසාම සමකාලින සමජ සන්දර්බය තුල සිදුවිය යුතු කටිකාව වන්නෙ සදාචාර සයිබර් සන්ස්කෘතියක් සඳහා සන්වාදයක්  ගොඩනැගීමයි.



කාලයහා අවකාශ තුරන් කිරීමත් පරිශීලනයකරන්නාට වඩා පහසු ව්මත් නව මාධ්‍ය පොදුජන මාධ්‍ය වීමට බලපා ඇත.අනෙක් අතට  පිරිවැය අඩු ව්ම  නව මාධ්‍ය ජනතාව  අතර ප්‍රචලිත ව්මට හේතුව්  තිබේ . නව මාධ්‍ය.  
බාවිතයෙ ලින්ගික හැසිරීම්පහත පරිදි පෙන්වාදීමට හැකිය.                                                                                                   
01.වෙබ් අඩ්වි ඔස්සේ සිදුවන රූප, විඩියො ප්‍රදර්ශන.  

02.වෙබ් අඩවිමගින් සිදු කරන ගනිකා ව්‍යපාර .     
   
03. Chat Room. හරහා සිදුවන ලින්ගික සන්වාද .    

04.විඩිඕ  ක්‍රමයට සිදුවන ලින්ගික සන්වාද .    
                                   
05. ජන්ගම දුරකතන ඇතුළු උපකරන බාවිතයෙන් සිදුවන හා අන්තර්ජාලය හරහා සිදුවනව ලින්ගික ක්‍රියාකරකම්

06. අන්තර්ජාලය හරහාසිදුවන ලින්ගිකඖෂධ,ලින්ගික උපකරන ප්‍රවර්ධන කාරයන්.

07.  ලින්ගික සහකරුවන් සොය ගැනීමට පහසුකම් සලසාදීම.

08.අනර්ජාලය මගින් ලින්ගික ප්‍රකාශ අලවි කිරීම.

09.ලින්ගික පෙලබුම සහිත ක්‍රීඩාවල නිරත වීම සඳහාපෙලබුම ඇති කිරීම.
 
මෙලෙස නව මාධ්‍ය ක්‍රමයේ, ප්‍රචලිත එලබුමක් වන සමජ මාධ්‍යයේ ලින්ගික ප්‍රවනතා සාකච්ඡාකල  හැකිය.


Reference:




M.I.A. ජයරත්න .SC/PG/MAMM/2016/2017/15.



0 comments:

Post a Comment