Pages

Sunday, August 20, 2017

online කරණය සහ සමාජ සබඳතා




online කරණය සහ සමාජ සබඳතා 

අද අප ජීවත් වන්නෙ මහ අරුම පුදුම ලෝකයක. ලෝකය සෑම අතකින්ම වෙනස් වී ඇත. මෙහි සුවිශේෂීතාවය නම් තව තවත් ඉදිරියට මෙම වෙනස් වීම ඇති විය හැකි බවට සැකයක් නොමති වීමයි. සිංහල  වචනයෙන් කිවතොත් අපි තුන්හිතකින්වත් නොහිතපු නොසිතු දේ අධිතාක්ෂණික ක්‍රම භාවිතයෙන් යථාර්තයක් බවට පත් වී හමාරය.
නමුත් සත්‍ය වශයෙන්ම වෙනස් වී ඇත්තේ කුමක්ද? මෙය තමයි  වැදගත්ම කාරනය.
මේ පිළිබඳව ප්‍රාමානිකව අදහස් දැක්වූ ස්පාඥඥ ජාතික මැනුවෙල් කස්ට්ලෙර් පවසන්නේ ලොව සමාජ තත්වයන් සීග්‍රයෙන් වෙනස් වන බවත් එහි වෙනස්කම සිදුවන්නේ ආකෘතිකව පමනක් බවයි. මෙය තවදුරටත් විග්‍රහ කලතොත්, “පවතින ව්‍යුහය ඒ අකාරයෙන්ම තිබිය දී නව ව්‍යුහයන් හෝ අකෘතීන් පැමිණ සමාජ සත්තාවන් වෙනස් වන බවයි “ උදාහරනයක් මගින් මෙය තව දුරටත් විස්තර කරන්නේ නම් එය මෙ අකාරයට සිදු කල හැක. අතීතයෙ යම් භාන්ඩයක් මිලදී ගැනීමටනම් අනිවාර්යෙන්ම වෙළඳපොලට යා යුතුමය. අපි සිතමු අලුත් අවුරුද්දට ඇදුමක් මිලදී ගැනීමට අවශ්‍ය වූවා කියා. එහිදී අතීතයේදී අනිවාර්යෙන්ම වෙළඳපොලට එසේත් නොමැතිනම් නගරයේ වෙළඳ සැලට හෝ යා යුතුය. නමුත් වර්තමානයේ එසේ අවශ්‍යය වන්නේ නැත. නව තාක්ෂණයත් සමග නව මාධ්‍ය මඟින් ඇදුම් ඇණවුම්  කර නිවසට ඇදුම් ගෙන්වා ගත හැකිය. මෙන්න මේ වෙනස තමයි මනුවෙල් විසින් කියා සිටින්නේ. ඇදුම් ගැනීමේ අවශ්‍යයතාවය අපිට එදත් තිබුනා අදත් තියනවා. අවශ්යතාවය වෙනස් වෙලා නැහැ. නමුත් එය සිදුකරන ආකෘතිය වෙනස් වෙල තියනවා.  මේ දෙයම තමා තොරතුරු වලටත් වෙලා තියෙන්නේ. හූ තියලා, දුම ගහලා, ගංඟා වලට කොල අතු දාල පා කරලා යැවීමෙන් තොරතුරු සම්ප්‍රේෂණය කලා. මුද්‍රිත මාධ්‍ය තුලත් සිදු වුනේ ඒකම තමා. විද්‍යුත් මාධ්‍ය තුලත් සිදු වුනේ ඒකමයි. අරමුණු තොරතුරු හුවමාරු කර ගැනීමයි. එහෙත් ආකෘතිය වෙනස්. එය නව මාධ්‍ය වලට පරිවර්තනය වූවත් සිදු වුයේ තොරතුරු හුවමාරුවයි. නමුත් ආකෘතිය වෙනස්. භාවිතා වන ආකාරය වෙනස්. අපි




     සෑමවිටම පවසනවා මිනිසාගෙ අවශ්‍යයතා වෙනස් වෙලා කියලා දැන් කාලෙ. නැහැ. ඇත්තටම අවශ්‍යතා වල වෙනසක් වෙලා නැහැ. වෙනස් වෙලා තියෙන්නෙ එය භවිතා කරන ආකාරයයි.


    භවිතා කිරීම තුල එය භාවිතා කරන ආකාරය එකිනෙකාට වෙනස් වෙලා තියනවා. ඒ වගේම මෙහි සුවිශේෂීතාවය වන්නේ, මෙහි ස්වභාවය අනුවම සමාජ සම්බන්දතා වල විශාල වෙනසක් ඇති වෙලා තියන බවයි.

     බහුපුද්ගලකරනය වෙලා තිබුනු සමාජය මෙම නව මාධ්‍ය හරහා ඒකපුද්ගලකරණය වෙලා තියන බවත් තමයි මෙහි බාවිතය සහ සමාජ අධ්‍යයනය තුලින් පැහැදිලි කර ගත හැකි වන්නේ. අතීතයෙ එක් පුද්ගලයෙකු එසේත්  නොමැතිනම් එක් ආයතනයක් විශාල පුද්ගල ප්‍රමාණයකට තොරතුරු සපයනවා. දැන් සිදු වන්නේ තනි තනි පුද්ගලයන් තනි තනි වශයෙන් තොරතුරු බෙදා ගැනීමයි.සියලුම දෙනා තොරතුරු සම්ප්‍රේෂණය කරන්නන් බවට පත්වෙලා. මේ නිසා පෙර සඳහන් කලා සේම ඒකපුද්ගලකරණ සමාජයක්ට ඉබේටම මිනිසා හුරු පුරුදු වෙලා තියනවා.  සමාජය සමග සම්බන්දතාවය අඩු වෙලා තියනවා. කෙටියෙන්ම කියනවනම් නිවසේ සමීපතමයන් සමග තිබු සම්බන්දතාවය හීන වී ගොස් හමාරයි. අතීතයේ නම් සියලු දෙනා එක්ව තමයි රූපවාහිනියෙ විකාශය වුන ප්‍රවුතියක් නාට්‍යක් නැරඹුවෙ. නමුත් ඩැන් රූපවාහිනිය ගෙයි සාලෙ තියනව තමයි. නමුත් එකිනෙකා වෙන වෙන තැන් වල එම නාට්‍යයම එම ප්‍රවුර්තියම නරබනවා නව මාධ්‍ය හරහා. අතීතයේදි අල්ලාප සල්ලාපයෙහි යෙදෙමින් අදහස් අන්තර් හුවමාරු කරමින් බලපු වැඩසටහන් අද තනි තනි වශයෙන් නරඹනවා. අම්මා බත් උයලා කැමට කතාකරන්නෙ messenger, whatsapp වගේ සම්බන්දතා වලින්. නිවසේ සමීපතමයන් තමන්ගේම කටහඩින්  කතා කරල අදහස් හුවමාරු කරගන්නා ප්‍රමාණය අද වන විට සීඝ්‍ර ලෙස අඩු වෙලා තියනවා.


         අද බස් එකක කෝච්චියක නැගල යනවිට දකින්න තියන සුලබ දර්ශනයක් තමයි සෑම පුද්ගලයෙක්ම අඟල් 4 x 8ක smart දුරකතනයකට කොටුවෙලා සිටීම. වාඩිවෙලා යනවිට ඔවුන්ගේ ඇස් වලින් වෙනත් කිසිම කෝනයක් දිස් වෙන්නේ නැහැ. ඔවුන්ගේ ඇස් තියෙන්නෙ FB  එකේ Like එකක් Comment එකක් දාන විදිහයි YouTube එකේ සැරිසරන එක ගැන පමනයි.  කොටින්ම කිව්වොත් පූජ්‍ය පක්ශයෙ අයෙක් බසයට කෝච්චියට නැගතොත් අසුනක් ලබාගන්නෙ අනිත් කෙනාගෙ පිටට තට්ටු කරල ඉල්ලුව්ත් විතරයි. මේ පිළිබඳව කොන්දොස්තර මහතාටත් ගානක් නෑ. මොකද ඔහුත් ඉන්නෙ පියවි සිහියකින් නොවේ. ඔහුටත් තමන්ගෙ රාජකාරියට වඩා Like  comment ලොකු වෙලා.
 ඇලේ දොලේ, වැවේ වෙලේ, සෙල්ලම් කරපු ලමයි අද on line game තමයි සෙල්ලම් කරන්නෙ. ඇලේ දොලේ, වැවේ වෙලේ, සෙල්ලම් කරලා ලබාගත්තු ශරීර යෝග්‍යතාවය සහ මානසික විශ්‍රාන්තිය ඉතා කුඩා උපකරණයක් මගින් ලබා ගත හැකිද යන්න මා හටනම් විශාල ගැටලුවක්. අද බොහෝ ලමුන්ට කල්තියාම ලෝකෙ නැති ලෙඩ රෝග වලට ගොදුරුවෙලා. කුඩා කල සිටම ඇග නොවෙහෙසවා එක තැන සිට ශරීර දහනය නොවෙන සෙල්ලම් වලින් කවරදාකවත් මෙහෙම ලෙඩ රෝග නොහැදේවි යැයි කියලා විශ්වාස කරන්නෙ කොහොමද ?
ආදර සම්බන්දතා අසුන්දර වීමට වැඩි කලක් ගත නොවන බව පසුගිය කාලය පුරාවටම ඇසූ පිරූ දැ වලින් පැහැදිලි කරගත හැකිය. ප්‍රේමයේ සුන්දරත්වය අසුන්දර ලෙස on line හරහා සිදු කිරීමට යාම මෙහිදී ප්‍රදානතම ගැටලුව වී ඇත. ආදරවන්තයා සහ ආදරවන්තිය තම විලි පෙන්වා ගන්නේ on line  හරහාය. මෙහි බරපහල දෙය නම් on line හරහා තෙවැන්නන් ද මෙය නරබන්නේ නැතැයි අපට උපකල්පමය කල නොහැක. තම සහකරු හෝ සහකාරිය අද සොයාගන්නේ on line හරහාමය. කිසි දිනක නොදැකපු මුහුණු on line දැකීමෙන් ඇති වූ සුහදතාවය කොතෙක්ද කිවතොත් විශාල ගනනේ මුදල් පවා හුවමාරු කර ගනී. එසේ සිදුවූ අකරතැබ්බයක් මගේම මිතුරියකට පසුගිය දිනක සිදුවිය. මුදල් ලබා ගත් පුද්ගලයා ක්ශනයකින් අතුරුදහන් විය.
   කිසිම දිනක නොදැකපු නොඅසපු පුද්ගලයන් සතුරෙකු වූ අවස්තාවක් මගේ සමීප මිතුරෙකුට පසුගිය දිනක සිදුවිය. ඔහු ඔහුගේ දර්ශනපති උපාධී නිබන්ධනය අවසන් කර එය අදාල විශ්වවිද්‍යාලයට ලබා දීමට සූදානමින් සිටියා. දිනක් ඔහු එහි Hard Copy  එක ලබාගැනීමට තම පරිඝණකය තුලින් එහි Soft Copy එක පරීක්ෂා කිරීමේදී එය එහි නොමති වූයෙ ඔහු පුදුම කරවමිනි. එයින් නොනැවතී ඔහු එහි පිටපතක් ඔහුගේ Google Drive තුල තැම්පත් කර තිබූ නිසා  එය තුලට පිවිසෙන විට එක්තරා පුද්ගලයෙකුගෙන් ඔහුගේ එ විද්‍යුත් ලිපිනයට ලිපියක් එවා  තිබුනේ මේ අකාරයටය. “ ඔබගේ සියලු ලිපි ලේඛණ මා නිෂ්පාදනය කල වෛරසය මගින් ඉවත් කර ඇති අතර එවා ලබාගැනීමටනම් ඩොලර් 3500ක් ලබාඩීමට කටයුතු කරනා බවටයි.  තත්වය මෙසේ හෙයින් ඔහු කිසි දිනක නොදැකපු අයෙක්  on line හරහා සතුරෙකු බවට පත්වී ඇති ආකාරය පැහැදිලි කරගත හැක. මාගෙ මිතුරා නැවතත් තවමත් මුලසිට නිබන්ධය ලියමින් සිටී.
මේ ආකාරයට සමාජ සම්බන්දතා පෙර නොවු විරූ ලෙසට වෙනස් වී යන ආකාරයක් අද සමාජය දෙස සුපරීක්ෂාකාරීව  බැලීමේදී  වටහාගත හැක. සමාජයට පැමිනෙන නවතාවයන් අපට වැලැක්වීම කල නොහැක. එවායේ අවශ්‍යතාවය සහ වැදගත්කම කාලයට අනුව අත්ත්‍යාවශ්්‍ය විය හැකිය. නමුත් එවා පරිහරණයේ දී ස්වයං හික්මීමනම් ඉතා අත්ත්‍යාවශ්ාය.්‍ය කිරිකන්නේ දැලි පිහියෙන් බව තරයේ සිහිතබා ගතයුතුය. 


ඩබ්ලිව්.එම්.ඩී සහජීව
SC/PG/MMM/2015/2017/07

0 comments:

Post a Comment