Pages

Thursday, August 17, 2017

යෞවනයන්ට ප්‍රතිලාභ දෙන අන්තර්ජාලය හා සමාජ මාධ්‍ය


යෞවනයන්ට ප්‍රතිලාභ දෙන අන්තර්ජාලය හා සමාජ මාධ්‍ය


යෞවනයනට ලෝකය දැනගන්න විඳගන්න එක්වන්න හොදම තැන නිර්මාණයට අද අන්තර්ජාලය සහ සමාජ මාධ්‍ය ප්‍රධාන ධාරාවක් බවට පත්ව ඇත.

 නූතන අන්තර්ජාලය හා සමාජ මාධ්‍ය යෞවනයන්ට අති  මහත් ප්‍රතිලාභ හා අවස්ථා රාශියකට මන් පෙත් විවර කර සමාජයේ තවදුරටත් තනිව ජීවත්ව නොවී සමාජ සබඳතා සහ උපකාරක ජාලයන් වශයෙන් පවත්වා ගැනීමටත් පෙර කවරදාකටවත් වඩා අධි  තොරතුරු සඳහා ප්‍රවේශයක් ලබා දීමත් සිදු කර වර්තමානයේ යෞවනයාගේ ජීවීතයේ ප්‍රධාන අංගයක් බවට පත් වී හමාරය.             

Facebook
Twitter
Instagram
Snap chat
You tube
 යන සමාජ මාධ්‍ය සම්බන්ධව ඕස්ට්‍රේලියාවේ Young and well co-operative පර්යේෂණ මධ්‍යස්ථානය විසින් සිදු කල පර්යේෂණයෙන් ප්‍රකාශයට පත් කරනු ලැබුවේ තරුණ සමාජය සඳහා වන

අධ්‍යාපනික ප්‍රතිලාභයන් ලබා දීම

සහයෝගත්මක සබධකම් වලට පහසුකම් සැපයිම

අනන්‍යතා ගොඩ නැගීම

ආත්ම අභිමානය ගැන ප්‍රවර්ධනය  


වැනි තරුණ ජිවිතයේ වැදගත් කාර්යභාරයක් සමාජ මාධ්‍යන් අතරින් සමාජ ජාලා සහ සන්නිවේදන කුසලතා පිරි සමාජ ජාලයන් විසින් සිදු කරනු ලබන බවයි.

අන්තර්ජාලය හා සමාජ මාධ්‍ය නිසා  යෞවනයන්ට හිමි වන ප්‍රතිලාභ රැසකි .
ඒවානම්..

v යෞවනයනට ක්‍රියාකාරී පුරවැසියන් , සමාජය සහභාගිවන්නන් ලෙස කටයුතු කල හැකිවීම



සමාජයේ තරුණ ප්‍රජාවට වැදගත් වන තරුණ ප්‍රජාව උනන්දු වන සිද්ධීන් , කරණා මෙන්ම ගැටළු සඳහා ක්‍රියාත්මක වීමටත් අදහස් ප්‍රදර්ශනය කිරීමටත් ,පුළුල් ලෙස ප්‍රේක්ෂකයන් දැනුවත් කිරීමටත් ප්‍රචලිත කිරීමටත් , ප්‍රවේශ වීමටත් බලගතු මෙවලම් කට්ටලයක් සමාජ ජාලා මගින් ලබා දීම සිදු කෙරේ.


v යෞවන්නයන්ගේ හඬක්‌  ගොඩ නැගීම සහ විශ්වාසයක්  ගොඩ නැගීමට අවස්ථාව ලැබීම 





දේශීය ,ජාතික ,ජාත්‍යන්තර සන්දර්භයන් තුල විවාදයන් ,සාකච්ඡා හා කුසලතා වර්ධනය කර ගැනීමට සමාජ ජාල සේවාවන් භාවිත කල හැකි වීමෙන් සෑම සමාජ ජාල භාවිත කරන යෞවනයෙක් හටම තමන්ගේ මාර්ගය තමන්ටම සංවර්ධනය කර ගැනීමට අවස්ථාව උදා වේ.
මිත්ත්‍රවයන් ගොඩ නගා ජාලය තුල විශ්වසනීය  සම්බන්ධතා ගොඩ නගා ගැනීම සදහා මෙම සන්දර්භය තුල යෞවනයන් සතු පුද්ගලික කුසලතා ඉතා වැදගත් වේ.  

තවද ප්‍රජාව තුල සාර්ථක ලෙස ක්‍රියා කිරීම , පොදු සමාජ අවකාශයේ   සැරි සැරීම, සම කණ්ඩායම් වල හවුල්  සමාජකයින් ලෙස සමාජය සම්මතයන් හා නිපුණතා සංවර්ධනය කර ගැනීම සඳහා තරුණයන්ට අවස්ථාව ලබා දීම සමාජජාල කරණය මගින් සිදු කරනු ලබයි.









 v යෞවන්නයන්ට  අන්තර්ගත නිර්මාණ කරුවන් , කළමනාකරුවන් සහ බෙදා 
හරින්නන් ලෙස කටයුතු කල හැකි වීම.



සමාජ ජාලා සේවාව ක්‍රියාකාරී සහභාගිත්වය මත රඳා පවතී. භාවිත කරන අය  විසින්ම  අන්තර්ගත උඩුගත(upload) කිරීම , වෙනස් කිරීම, නිර්මාණය කිරීම  වෙනි web අඩවි ක්‍රියාකාරකමෙහි  යෙදෙනවා  මෙන්ම
දත්ත කළමනාකරණය හා අන්තර්ගත අයිතිය සම්බන්ධ වන සාකච්ඡා සඳහා සහය දැක්වීමද සිදු කිරීමට අවස්ථාව හිමි වේ.
මේ සඳහා සංගීතය, චිත්‍රපට , ඡයා  රූපකරණය,   ලිවිම වෙනි අවසරයන් ලබා දෙන සත්කාරක සේවා සම්බන්ධව දැනුවත්ව සිටීම වැදගත් වේ.



 v යෞවන්නයන්ට සහයෝගී සහ කණ්ඩායම් ක්‍රීඩකයන් ලෙස කටයුතු කිරීමට කටයුතු කල හැකිවීම




 සමාජ ජාල සේවාව නිර්මාණය වී ඇත්තේ  වැඩ කිරීමට , චින්තනය  ක්‍රියාත්මක වීමට වෙනි සියල්ල එකට කිරිමට සහය වෙන පරිදිය .
විශේෂයෙන් සංකීර්ණ ක්‍රීඩා  හා අත්‍යවශය පරිසරයන් තුල අන් අය නිරීක්ෂණය කරමින් ක්‍රියාකරන්නේ කෙසේද යන්න තේරුම් ගැනීමේදී අවශ්‍ය උපදෙස් හා උපකාර අන් අයගෙන් ඉල්ලා සිටීමට හැකිය.
තවද නව පරිසරය තුල විශ්වාසය ගොඩනගා ගත් පසුවඅන් යට උදව් කිරීමට නව  යෞවනයන්  අත් දැකීමද ලබා ඇත.



v යෞවන්නයන් සමාජ ගවේෂකයන් සහ ඉගෙනගන්නන් බවට පත් වීම.



සමාජ ජාල මගින්  සොයා යෑම් සඳහා දිරිගැන්වීමක් කරයි.
කිසියම් වූ අයෙක් පොත් වට්ටෝරු  හෝ අදහස් සදහා උනන්දුවක් දක්වනු ලබන්නේ නම් සමාජ ජාල සේවා හෝ සමාජ ජාල වන්හි සේවා සපයන කණ්ඩායම් විසින් ඔවූනගේ අවශ්‍යතා සපුරාලනු ඇත.
පරිශීලකයන් වඩාත් සුවිශේෂි  හෝ අසාමාන්‍යදෙයක් සොයන්නෙන් නම් ඔවුන්ගේ කණ්ඩායම් හෝ සමාජ ජාල  web අඩවි නිර්මාණය කර ගත හැක .
මෙමගින් තරුණ පරම්පරාවට තමන්ගේ අවශ්‍යතා දියණු කර ගැනීමටත් එකම අවශ්‍යතා ඇති අනෙක් පුද්ගලයන් හමු වීමටත් අවස්ථාව ලැබේ.
ලෝකය පුරා ජීවත් වන අනෙක්අය ජීවත් වෙන්නේ කොහමද, ඔවුනගේ සිතුවිලි අදහස් ගැන මෙන්ම ලෝකය ගැන පුළුල් දැනුමක් ලබා ගැනීමට අවස්ථාව උදා  වේ.



v යෞවන්නයන්ගේ ඉවසීම වර්ධනය වනවා මෙන්ම ස්වාධිනව කටයුතු කරන්නන් බවට පත් වීම.








සමාජ ජාල මගින් සමස්ථ සමාජ අවකාශයටම සමාන අවස්ථා ලබා දේ.
යෞවනයන් සමග මිතුරු වීමට, තනිව ගවේෂණය කිරීමට ස්වාධිදීනත්වයක්  ගොඩනැංවීම හා අවදානම් හඳුනා ගනිමින් ඒවා කළමනාකරණයට අවශ්‍ය නිපුණතා  සංවර්ධනය කිරිම, විනිශ්චය කිරීම , ලෝකය සමග කටයුතු කිරීම වැනි කුසලතා වර්ධනයට සමාජ මාධ්‍ය සහය වනවා මෙන්ම නව පරිසරය තුල ආරක්ෂිතව සිටීමට යෞවනයකුට ඉතාමත් වැදගත් මෙවලමක් වේ.


v යෞවන්නයන් ලෝකයේ ඇති සැබෑ තාක්ෂණික කුසලතා භාවිත කිරීම හා එය  වර්ධනය කිරීමට සමත් වීම.

අන්තර්ජාලය නිසාවෙන් ඇති වන කාර්යක්ෂම අන්තර්ක්‍රියාව වැඩ පරිසරයේදී වැදගත් කුසලතාවක් වේ.
 නව තාක්ෂණය , සේවා,  හා පරිසරවලට ඉක්මනින් හැඩගැසීමට හැකි වීම අතිශයින්ම වැදගත් නිපුණතාවයක් ලෙස හාම්පුතුන් සලකනු  ලබයි.






v දෙමව්පියන් සමග සහයෝගයෙන් කටයුතු කිරීම.






ඇතැම් දෙමව්පියන් තම දරුවන් සමාජ මාධ්‍ය භාවිතය ගැන කලකිරෙන අතර නව තාක්ෂණය සමග ඉදිරියට යෑමටඋත්සහ කරන දෙමව්පියන් තම යොවුන්  දරුවන්ගෙන් නව තාක්ෂණය ගැන ඉගෙනුමට උත්සුක වෙයි.


අන්තර්ජාලය ඇසුරෙනි

S රන්දිමා ප්‍රනාන්දු
SC/PG/MAMM/2016/2017/09



0 comments:

Post a Comment