Pages

Sunday, August 20, 2017

ලෝකය පුරා හමා යන MOJO රැල්ල


දිනෙන් දින සිදුවන තාක්‍ෂණයේ දියුණුවත් සමඟ පසුගිය දශකය තුල ජනමාධ්‍ය ක්ෂේත‍්‍රයේද විශාල පරිවර්තනයක් සිදුවී තිබේ.
ප‍්‍රවෘත්ති එක්රැස් කිරීම, සැකසීම, බෙදාහැරීම යන ක‍්‍රමවේදයන්ට තාක්‍ෂණික සහයෝගය ලැබීමත් සමඟ තොරතුරු ලෝකය වඩා වේගවත් සහ කුඩා අවකාශයක් බවට පත්ව ඇත.
එහිදී ජංගම දුරකථන ස්මාර්ට් ෆෝන් දක්වා වූ වර්ධනයත්, අන්තර්ජාල ව්‍යාප්තිය, සමාජ මාධ්‍යයේ නැඟීම, ඩිජිටල් තාක්‍ෂණය යන සාධකයන්ගේ බලපෑම වඩා වැදගත් වේ.
මෙම පරිවර්තනයන්ගේ නවතම විප්ලවය MOJO රැල්ලයි. එනමින් හැඳින්වෙන්නේ Mobile Journalism යන්නයි.
ඒ අනුව ජනමාධ්‍යවේදීන්ගේ අනාගත ස්වරූපය බවට පත්වන්නේ මේ මොබයිල් ජර්නලිස්ට් යන සංකල්පයයි.
එහිදී සාම්ප‍්‍රදායික ජනමාධ්‍යවේදීයා තාක්‍ෂණික උපකරණ ගණනාවකින් සිදුකල වාර්තාකරණ කටයුත්ත එක් උපකරණයකින් (one device) පමණක් සන්නද්ධව සිදු කිරීම මෙහි මූලික ක‍්‍රියාවලියයි.

Doing it All with one device


වත්මන් සමාජයේ ප්‍රවෘත්ති පරිභෝජනය සඳහා යොදාගන්නා ස්මාර්ට් දුරකථනය මෙම ක්‍රමවේදයේදී ජනමාධ්‍ය වේදියාගේ ප්‍රධාන මෙවලම බවට පත්වෙනවා .
ප්‍රවෘත්ති වාර්තාකරණයේදි සිදුවන ප්‍රවෘත්ති එක්රැස් කිරීම , සකස්කිරීම , හා සම්ප්‍රේෂණය (බෙදාහැරීම) යන කරුණු සියල්ල අතේ ඇති ස්මාර්ට් ජංගම දුරකථනය හරහා සිදුකිරීම මොබයිල් ජර්නලිසම් (Mobile Journalism ) එසේත් නැතිනම් MOJO යන කෙටිනමින් හැදින්වෙනවා.ලෝකයේ කොතැනක , කුමන අවස්ථාවක සිටියත් තමාට අවශ්‍ය ප්‍රවෘත්තිය ඉතා ඉහල ගුණාත්මක තත්වයෙන් ප්‍රවෘත්ති කාමරය වෙත ක්ෂණිකව ලබා දීමේ අවස්ථාව ජංගම දුරකතනය පමණක් අතැතිව සිටින මාධ්‍ය වේදියාට හිමිවෙනවා.
මින් පෙර විශාල වෘත්තීය මට්ටමේ කැමරා , කේබල් , තාක්ෂණික උපකරණ , චන්ද්‍රිකා සම්බන්ධතා , ආදී බොහෝ උපකරණ වෙනුවට ජංගම දුරකථනය ඉතා හොඳ අඩුවියදම් (Low cost)ආදේශකයක් වී තිබෙනවා.



MOJO ක්‍රමයේ ඇති ප්‍රධාන වාසිය වන්නේ ජංගමශීලීත්වය සහ එළැඹීමට ඇති හැකියාවයි . ඕනෑම ගැටුම්කාරී අවස්ථාවක හෝ අවදානම් අවස්ථාවක අවධානයට ලක්නොවී ආරක්ෂිතව එළඹීමේ පහසුව ප්‍රවෘත්ති වාර්තාකරණයේ යෙදෙන ජංගම දුරකතනය අතින් ගත් මාධ්‍යවේදීයාට ලැබෙන උපරිම අවස්ථාවක්.
ජංගම දුරකතන ක්ෂේත්‍රෙය් ඇති වූ විප්ලවයත් සමඟ ඉහල මට්ටමේ (HD) තාක්ෂණයෙන් (4K) යුත් දර්ශන රූගත කිරීමේ හැකියාවත් , සමාජ මාධ්‍ය ඔස්සේ සම්ප්‍රේෂණය කිරීමේ ක්ෂණික හැකියාවත් මෙම ක්‍රමය ලොව පුරා ජනමාධ්‍ය වේදීන් අතර ව්‍යාප්ත වීමට හේතුවක්. වෙනදා කණ්ඩායමක් විසින් සිදුකරණ ප්‍රවෘත්ති වාර්තාකරණය එක් පුද්ගලයෙකුට සිදුකල හැකිවීම මඟින් ලැබෙන්නේ ඉහල ඵලදායිතාවක්.  Mobile Journalism ක්‍රමවේදයේදී ස්මාර්ට් ජංගම දුරකතනයට අමතරව අවශ්‍ය වන්නේ ජංගම දුරකතන රඳවනයක් කුඩා ත්‍රිපාදකයක්(Tripod) , මයික්‍රොෆෝනයක් වැනි සරල කුඩා උපකරණ කිහිපයක් පමණයි.


ඉහත වාසිදායක කරුණු නිසා දැන් ලොව පුරා ප්‍රවෘත්ති ආයතන සිය මාධ්‍ය වේදීන්  MoJo මාධ්‍ය වේදීන් ලෙස වර්ධනය කිරීම සඳහා පුහුණු ව්‍යාප්ති ආරම්භ කර තිබේ.
තාක්ෂණික දියුණුවේ බලපෑම කෙසේ වූවත් එම Mobile Journalism ක්‍රමවේදය ඉහල වෘත්තීය මට්ටමෙන් සාර්ථකව පවත්වාගෙන යෑමට අවශ්‍යම සාධකය වන්නේ මිනිස් හැකියාවයි.
මෙහිදී ජනමාධ්‍ය වේදියාගේ භූමිකාව ඉතා වැදගත් වේ
ඔහු ප්‍රවෘත්ති රැස් කිරීමේ , රූගත කිරීමේ නිපුණයෙකු විය යුතුය .
සමාජය සමඟ ගැටෙමින් කටයුතු කිරීමේ දක්ෂයෙකු විය යුතුය. එසේම ප්‍රවෘත්ති නිෂ්පාදනය සම්ප්‍රේෂණය යන කටයුතු වලඳී හොඳ තාක්ෂණික දැනුමක් ඇත්තෙකු විය යුතුය.
එමෙන්ම සමාජ සුභසිද්ධිය වෙනුවෙන් වූ වගවීම සහ දෘෂ්ඨිය , වෘත්තිය මට්ටමේ මොබයිල් ජර්නලිස්ට් කෙනෙකු බිහිකිරීම සඳහා අතිශය වැදගත් කරුණු ලෙස සැලකිය හැකිවේ.




කේ.සී. සාරංග SC/PG/MAMM/2016/2017/12 

1 comments:

Roshanthi kariyawasam said...

Itz good

Post a Comment