Pages

Tuesday, August 8, 2017

පුරවැසි මාධ්‍යයේ ප්‍රමුකයා - බ්ලොග් (blog)



නවීන තාක්ෂණයේ දියුණුවත් සමඟ ශ්‍රි ලංකාවේ පුරවැසි මාධ්‍යයේ ප්‍රචලිතත්ත්වය මේ වන විට ඉහළ මට්ටමේ පැමිණ ඇත.
ෆේස් බූක්, ටුවිටර්,වෙබ් අඩවි, බ්ලොග් අඩවි අන්තර්ජාල පහසුකම මත ලෝකයේම පුළුල් සන්නිවේදන ජාලයක් නිර්මාණය වී ඇත. ඒ අතර බ්ලොග් අඩවි පිළිබඳ ලෝකයේ කතිකාවත් ගොඩනැගී ඇති  අතර ශ්‍රි ලංකාව තුළ ද ප්‍රචලිත මාධ්‍ය සංවාදයක් ගොඩනැගෙමින් පවතින බව නිගමනය කළ හැකිය.

එදිනෙදා සමාජ සිද්ධීන් ආර්ථික, සමාජීය, දේශපාලනීක, අධ්‍යාපනික යනාදී වශයෙන් බ්ලොග් අඩවි ඔස්සේ කතිකාවක් ගොඩ නැඟී ඇති ආකාරය දක්නට ලැබේග ඒ අතර බ්ලොග් අඩවි සඳහා සුවිශේෂී ඉඩක් සයිබර් අවකාශය තුළ ලබාදෙමින් නිදහස් මනසින් තම කුසලතා ලොවට මුදා හැරීමට ගොඩනැගී ඇති තෝතැන්නක් ලෙස පෙන්වා දිය හැකිය.

බ්ලොග් නිර්මාණය සම්පුර්ණයෙන්ම ස්වාධින වු නිර්මාණයක් වන බැවින් තනි පුද්ගලයෙකු පදනම් කරගෙන නිර්මාණය වී තිබේන බැවින් විවිධ ක්ෂේත්‍ර පැතිකඩ ඔස්සේ පැතිර ගොස් ඇත. බොභෝ බ්ලොග් අඩවි අනුව විසිරි ගිය අරමුණු ඇති අතර ප්‍රවෘත්ති වාර්තාකරණයට වඩා වෙනස්  මාර්ගයක් වෙත සිංහල බ්ලොග් මාධය වාර්තාකරණය පෙන්වා දිය හැකිය. බ්ලොග් නිර්මාණය කිරිමේ දී විවිධ අරමුණු වෙනුවෙන් සිදු වුවත්, මාධ්‍ය ක්ෂේත්‍රයේ ප්‍රධාන ප්‍රවණතාවක් වන ප්‍රවෘත්ති වාර්තාකරණය සිදු නොවන බව පෙන්වා දිය හැකිය. එයට හේතුව වී තිබෙන්නේ මුලික සන්නිවේදන න්‍යාය තුළ පෙන්වා දෙන භාවිත හා සම්තෘප්ත න්‍යාය අනුව මාධ්‍ය තුළ විනෝදාස්වාදයක්  තිබෙන බව පෙන්වා දී ඇත.
එම න්‍යාය අනුව ජනමාධ්‍ය තුළීන් යහපත් මානව ජිවිතයක් ගත කිරිම සහ අවශ්‍ය  වන රසාස්වාදය, විනෝදස්වාදය, භාස්‍ය, උපහාසය, සැහැල්ලු භාවය ලබාගත හැකි යන්න පෙන්වා දී තිබේ. ඒ අනුව සිංහල බ්ලොග් අඩවි තුළින්ද එවැනි  ම ක්‍රියාවලියක් විද්යාමාන වන බැවින් ප්‍රවෘත්ති  වාර්තාකරණයට වඩා විනෝදාස්වාදයෙන් නිදහස් අදහස් තම හැකියාවන් එළි දක්වමින් සයිබර් අවකාශයට එක් වී සිටින බව නිගමනය කළ හැකිය.



මෙහි සම්පුර්ණයෙන්ම ප්‍රවෘත්ති වාර්තාකරනයෙන් බැහැර වුවක් ලෙස පෙන්වා දිය නොහැකි ප්‍රවෘත්තිය හා බැඳුණු කතාවලියක් සංවාදයක් ගොඩනැගීම සිංහල බ්ලොග් අඩවි තුළ දක්නට ලැබෙන නිසා ප්‍රවෘත්තිය හෝ පුද්ගලයා, ස්ථානය, ආයතනය, ආර්ථික, සංස්කෘතික යනාදී වශයෙන් කුමන කර්තව්‍යක් තුළ වුවද සිදු වන්නා වු ප්‍රවෘත්තිමය අගයන් භාස්‍යට, උපහාසයට, රසාස්වාදයට හා සංවාදයට ලක් කරන ආකාරයක් දැකිය හැක. බිලොග් අඩවි ඔස්සේ සිදු කරනු ලබන කමෙන්ට් (COMMENT) තුළින් සමාජ සංවාදයක් ගොඩනැගෙන අතර සමාජ මාධ්‍ය තුළින් සිදු කරනු ලබන සමාජ පලපැම ද බ්ලොග් අඩවි මගින් ද සිදු වන බව පෙන්වා දිය හැකිය.

බ්ලොග් අඩවියක් නිර්මාණය කිරීම සඳහා කිසිදු මුදලක් වැය නොවන බැවින් ඕනැම කෙනෙකුට සමාජ මාධ්‍ය ජාලය සමඟ  එක්විමට හැමවිටම ඉඩ ප්‍රස්තාව ලැබී ඇත. වාණිජ ප්‍රතිලාභයක් මෙම බ්ලොග් තුළින් අපේක්ෂා කළ නොහැකිය. වර්තමානයේ වාණිජ අරමුණු සදහා ප්‍රමුඛස්ථානයක් ලබා දී ඇති යුගයක මෙවැනි බ්ලොග් අඩවියක් තුළින් කාලය ශ්‍රමය වැය කරමින් සමාජ සංවාදයක් ගොඩනැගීම අගය කළ යුතු කරුණකි.



මාධ්‍ය ක්ෂේත්‍රය තුළ අපේක්ෂා කරන ප්‍රවෘත්ති වාර්තාකරණය සමාජ මාධ්‍යක් වන බ්ලොග් අඩවි ඔස්සේ සිදු නොවන බව නිගමනය කළ හැකිය.

සමාජ මාධ්‍ය ඔස්සේ වුවද ප්‍රවෘත්තිමය සංවාදයක් ගොඩනගා ගැනීමට හැකි අතර ඒ සඳහා සෑම දිනකම ඉතා කෙටි කාලයක් අන්තර්ජාලයට පිරිස තමන්ගේ බ්ලොග් එක ඔස්සේ තිබෙන කාලීන වශයෙන් වැදගත් ප්‍රවෘත්ති, ලිපි ආදියට අදහස්  ප්‍රකාශ කිරිමෙන්, සමාජ මතයක් ගොඩනගා ගත හැකිය. අධ්‍යාපනික වශයෙන් මෙ වන විට බොහෝ ලිපි පල වුවත් ඉන් උපරිම ප්‍රයෝජන ගැනීම සදහා පුළුල් ප්‍රචාරයක් වෙනුවෙන් කටයුතු කල යුතුය.

සමාජ මාධ්‍ය වශයෙන් හන්වඩු ගසා සමාජයෙන් ඉවත් කිරිම වෙනුවට සමාජය හා සංවාදයක් ගොඩ නගා යහපත් වු සමාජ මතයක් ගොඩනැගිම සඳහා රජයේ ද මැදිහත් වීමෙන් කටයතු කිරිමට යොජනා ලෙස පෙන්වා දිය හැකිය.

බ්ලොග් මාධ්‍යකරුවා ද සමාජයේ නොපෙනෙන මාධ්‍යවේදියා ලෙස නොසිට එම පිරිසට සමාජයේ කුමන ආකාරයින් හෝ සිදු වන හිරිහැරවලින් මුදවා ගානීමේ නිසි වැඩපිලීවෙළකට යොමු වීමේන් වඩාත් යහපත් සමාජ සංවාදයක් ගොඩනගා ගැනීමට අවස්තාව උදා වනු ඇත.



References:
  1. කාරියවසම්, මහාචාර්ය තිස්ස (1993) ප්‍රවෘත්ති රචනය සහ වාර්තාකරණයල ඇස් ගොඩගේ සහ සහෝදරයෝ
  2. බිලොග් සටහන්
  3. බිලොග් කෝඩ් කෑලි
  4. සල්ලි හොයමු       

S.A.M.Fawaz
SC/PG/MAMM/2016/2017/03

0 comments:

Post a Comment