Pages

Monday, July 8, 2019

නව මාධ්‍ය තුළ වීඩියෝ දැන්වීම්කරණය දැන්වීම්කරණයේ ප‍්‍රබලතාව වඩාත් තීව‍්‍ර කිරීම

රූපවාහිනී මාධ්‍යයට පමණක් සීමා වූ වීඩියෝ දැන්වීම්කරණය අදවන විට අන්තර්ජාලය ඔස්සේ ඔස්සේ වඩාත් ප‍්‍රබල ලෙස ක‍්‍රියාතත්මක වීම දක්නට ලැබෙනවා. අන්තර්ජාලය තුළ ක‍්‍රියාත්මකවන විවිධ මාධ්‍යයන් තුළ දී රූපවාහිනී මාධ්‍යයයේ තිබෙන විවිධ සීමා මායිම් වලින් ඔබ්බට ගොස් සූක්ෂමව ඉලක්කගත ග‍්‍රාහක කණ්ඩායමක් වෙත දැන්වීම් ඉදිරිපත් කිරීමේ හැකියාව පවතිනවා.    
    වර්තමානයේ අන්තර්ජාල සේවා පහසුකම්වල පවතින සුලබතාවය සහ අන්තර්ජාල සම්බන්ධතා සඳහා දැරිය යුතු වියදම අවම වීම නිසා අන්තර්ජාලය තුළ වීඩියෝ දර්ශන නැරඹීම වර්ධනය වී තිබෙනවා. මෙය වීඩියෝ වෙළඳ දැන්වීම් වැඩි වැඩියෙන් අන්තර්ජාලය තුළ විවිධ මාධ්‍ය ඔස්සේ විසුරුවා හැරීමට හේතු වී තිබෙනවා. සමීක්ෂණ ම`ගින් හෙළි වී තිබෙන්නේ අන්තර්ජාලය තුළ සැරුසරන්නන්ගෙන් 3න් 1ක් වීඩියෝ දර්ශන නරඹව බවයි.


    අන්තර්ජාලය තුළ ක‍්‍රියාත්මකවන විවිධ මාධ්‍යයන් තුළ දී වීඩියෝ දැන්වීම්කරණයට රූපවාහිනී මාධ්‍ය තුළ පවතින ඇතැම් සීමා අතික‍්‍රමණය කිරීමට හැකි වෙනවා. ඒවගෙම වෙළඳ දැන්වීම්කරණය සඳහා විශේෂ පහසුකම් රැුසක් ද හිමි වෙනවා. එහි පවතින විශේෂම වාසියක් වන්නේ ඉලක්කගත ග‍්‍රාහක කණ්ඩායම වෙත ඉතා අවම පිරිවැයක් දරමින් වෙළඳ දැන්වීම යොමු කිරීමේ හැකියාව ය.
    අන්තර්ජාලය තුළ ක‍්‍රියාත්මකවන නව මාධ්‍ය තුළ දී වීඩියෝ දැන්වීමක් තමන්ට අවශ්‍ය කාල සීමාවකට යටත්ව නිපදවිය හැකිවන අතර ඇතැම් විට එය මිනිත්තු පහක් පමණ ද දිගු විය හැකියි. රූපවාහිනී මාධ්‍යට සාපේක්ෂව එය නිර්මාණකරුවාට වාසි සහගත තත්ත්නයක්. එහෙත් රූපවාහිනී වෙළඳ දැන්වීමක දී එය ම`ගහැරයාම සඳහා වෙනත් චැනලයක් වෙත පිවිසෙන ආකාරයටම නව මාධ්‍යය තුළ දී ද එම වෙළඳ දැන්වීම ම`ගහැර යාමට ග‍්‍රාහකයාට හැකියාව තිබෙනවා. උදාහරණ ලෙස යූටියුබ් හි (Youtube)  වෙළඳ දැන්වීමක් පල කිරීමේ දී ග‍්‍රාහකයාට තත්පර 5කට පසු දැන්වීම ම`ගහැර යාමට හැකියාව තිබෙන බැවින් පළමු තත්පර 5ක කාලය ග‍්‍රාහක ආකාර්ෂණය ලබාගත් හැකි පරිදි නිර්මාණය කිරීම අත්‍යවශ්‍ය කරුණක් ලෙස දක්වන්න පුළුවන්. ඇතැම් අවස්ථා වලදී යූටියුබ් තුළ දී ග‍්‍රාහකයාට වෙළඳ දැන්වීම මගහැර යාමට අවකාශයක් නොතබා තත්ත්පර 5ක කාලයක් දිගු වීඩියෝ වෙළඳ දැන්වීම් නිපදවීම ද දක්නට ලැබෙනවා. මෙසේ තත්පර 5ක කාලයට නිපදවන වීඩියෝ ක්ෂුද්‍ර පඨිත (මයික්‍රෝ පඨිත -    Micro-Content)ලෙස ද හඳුන්වනු ලබයි.
    නව මාධ්‍ය තුළ දී ඉලක්කගත ග‍්‍රාහක කණ්ඩායමට පමණක් දැන්වීම්කරණය සිදු කිරීමේ හැකියාව පවතින බැවින් එම ඉලක්කගත ග‍්‍රාහක කණ්ඩායම සළකා බලා ඔවුන්ගේ ආකර්ශණය ලබා ගැනීමට හැකියාව තිබෙන තේමා, වස්තු බීජ මෙන්ම රූප රචනය ද සකසා ගැනීමට හැකිවීම සුවිශේෂ පහසුකමක් ලෙස දැක්විය හැකිය. මන්ද රූපවාහිනී මාධ්‍යයේ දී ඉලක්කගත නොවන පුද්ගලයින් වෙත ද වෙළඳ දැන්වීම යොමුවන නිසා ඔවුන්ට ද සරිලන ආකාරයට වෙළඳ දැන්වීම නිපදවිය යුතු වෙනවා. නැතිනම් ඇතැම් විට එයට සමාජය තුළ වැරදි ප‍්‍රතිරූපයකන් ගොඩනැංවීමට හේතුවක් ද විය හැකියි. මෙසේ නව මාධ්‍ය තුළ ඉලක්කගත පිරිසට පමණක් වීඩියෝ වෙළඳ දැන්වීම යොමු කිරීමට හැකියාව පැවතීම නිසා රූපවාහිනිය තුළ ප‍්‍රචාරයක් ලබා ගත නොහැකි සහ ප‍්‍රදර්ශනය කළ නොහැකි දර්ශන නව මාධ්‍ය තුළ ඉදිරිපත් කිරීමේ හැකියාව පවතිනවා. සමාජීය වශයෙන් මෙහි වාසි සහගත මෙන්ම අවාසි සහගත යන පැති දෙකම පවතින අතර වෙළඳ දැන්වීම්කරුවන්ට එය වාසි සහගත තත්ත්වයක්.   
    විද්‍යුත් මාධ්‍ය තුළ දී හැකිවන්නේ මාධ්‍ය නාලිකාවක් ම`ගින් පමණක් වීඩියෝ දැන්වීම ඉදිරිපත් කිරීම පමණයි. එහෙත් නව මාධ්‍ය තුළ දී එය නරඹන ග‍්‍රාහකයින් වෙළඳ දැන්වීම විවිධ පුද්ගලයින් වෙත ගෙන යන වාහකයින් බවට පත් වීම ද දක්නට ලැබෙනවා. සමාජ මාධ්‍යක් තුළ ඉදිරිපත් කරනු ලැබූ වෙළඳ දැන්වීමක් ග‍්‍රාහකයාට තමන්ගේ ගිණුම තුළ හුවමාරු කිරීමේ හැකියාව පවතින අතර එම ක‍්‍රියාවලිය තුළ දී ග‍්‍රාහකයා වාහකයෙක් බවට පත් වෙනවා. එම වාහකයාගේ ගිණුම සමග ජාලගත සම්බන්ධතාවක් පවත්වන පුද්ගලයින් එම ග‍්‍රාහකයා සම`ග පවත්වනු ලබන සම්බන්ධතාවය මත එම වෙළඳ දැන්වීම නැරඹීමට ඉදිරිපත් වීමේ හැකියාව පවතිනවා. සමාජ මාධ්‍ය තුළ වැඩි පිරිසකගේ ජනප‍්‍රියත්වයට පත්ව සිටින ක්ෂුද්‍ර කීර්තිමත් පුද්ගලයින් (මයිකෝ සෙලිබි‍්‍රටීස් -
Micro-celebrities) මගින් මෙම කාර්යය ඉතා සාර්ථත අනදමින් සිදු වෙනවා.


    ෆේස්බුක්  සමාජ වෙබ් අඩවිය තුළ දී වීඩියෝ වෙළඳ දැන්වීම් ග‍්‍රාහකයා වෙත එය දිස්වුව විට එය ස්වයංක‍්‍රීයව ක‍්‍රියාත්මක වේ. එහිදී ග‍්‍රාහකයාට වෙළඳ දැන්වීම නරඹනවාද නැද්ද යන්න තීරණය කිරීමට අවකාශයක් නොමැති වීම ඇතැම් විට එය ම`ගහැර නොයාමට හේතුක් විය හැකිය. එය එම වීඩියෝ දර්ශනය මුල් තත්ත්පර කිහිපය ග‍්‍රාහකයාගේ අවධානය දිනා ගැනීම මත සිදු වෙනවා. වෙළඳ දැන්වීම් නිෂ්පාදනයේ දී පළමු තත්පරයේ පටන් ඉලක්කගත ග‍්‍රාහකයාගේ අවධානය යොමුකර ගැනීම පළිබඳව සිතිය යුතුව ඇත්තේ මේ නිසාය. පළමු තත්පර 2ක තුළ එම වීඩියෝ දැන්වීමට ග‍්‍රාහකය ආකර්ෂණය ලබාගත නොහැකි වුවහොත් ඔහු එය ම`ගහැය යනු නිසැකය. විද්‍යුත් මාධ්‍යට සාපේක්ෂව නව මාධ්‍ය තුළ පවතින තීරණාත්මක භාවය මෙයයි.
නව මාධ්‍ය තුළ දී වෙළඳ දැන්වීමක් තුළ දී ඉහළ රූප ගූණාත්මකතාවයකින් යුක්ත ප‍්‍රමාණයෙන් සැහැල්ලූ වීඩියෝ දර්ශන භෘවිත කළ යුතු වෙනවා. වීඩියෝ දර්ශනය සුමටව ධාවනය වීම ග‍්‍රාහකයා එය වෙත රඳවා තබා ගැනීමේ ප‍්‍රධාන උපක‍්‍රමයක් ලෙස දැක්විය හැකි ය.


K.D.M.K. DISSANAYAKA
SC/MAMM/2018/2019/18












0 comments:

Post a Comment