Pages

Sunday, August 20, 2017

Mojo හෙවත් ජංගම මාධ්‍යවේදියා


දුල්හරි ඉලංගකෝන්

අද වනවිට ඉතාමත් ප්‍රබල ලෙස පුරවැසි මාධ්‍යවේදීන් නිරත වන්නෙකිමේ සඳහා නිපුණතාවය අවශ්‍යයිඔහු සාම්ප්‍රදායික මාධ්‍යවේදය යම්තාක් දුරට වෙනස් කරමින් පුරවැසි මාධ්‍ය ඉතාමත් හසල ලෙස මෙහෙයවයිඅතර නව මාධ්‍ය සමග ඔහුට මේ සඳහා විශාල පරිශ්‍රමයක් දැරීමට සිදු නොවේඑසැනින් පුවත් වාර්තාකරණය ඔහුට ඉතා සරල වේඔහු ඉතාමත් කාර්යක්ෂම ලෙස නව මාධ්‍ය මෙහෙයවන්නකි.
ඔහුට අවශ්‍ය වන්නේ එදිනෙදා භාවිතා කරන ස්මාර්ට් ජංගම දුරකථනයක් හා ඉතාමත් සරළ උපාංග කීපයකිඔහුට Backpack Journalist යන නමින්ද හඳුන්වයි. Mojo හට සංස්කරණ ශිල්පියෙක්, කැමරා ශිල්පියෙක්, ප්‍රවෘත්ති රචකයෙක්, නිවේදකයෙක් අවශ්‍ය නොවේ. ඔහු සියලුම නිපුණතාවයන්ගෙන් සන්නද්ධය. තාක්ෂණ දැනුමෙන් ද පරිපූර්ණය. හැම පුරවැසියෙකුටම Mojo කෙනෙක් වීමේ හැකියාව ඇත. ඒ සඳහා විශේෂ සුදුසුකමක් අවශ්‍ය නොවේඅවශ්‍ය වන්නේ කැපවීම පමණයි. ඒ නිසා නොයෙකුත් ප්‍රවෘත්ති සමාගම්වල දැන් Mojo තනතුරක්ද පවත්වාගෙන යනු ලැබේ.
පුවත් සටහන් කිරීමට පෙර
1.ඔබේ දුරකථනය Airplane Mode  කරගත යුතුයි
2. ඔබේ ස්මාර්ට්ෆෝනයේ කැමරාවේ කාච පිරිසිදු කරගත යුතුය
3. ස්මාර්ට් ෆෝන් එක අවශ්‍ය උපාංග සවි කරගත යුතුයි උප නිවේදනය කර්තව්‍යය වෙනවා නම් ස්මාට්ෆෝනය සෙලවෙන්න ඇති ස්ථානයක තැබිය යුතුයි
4. සෑම විටම ස්මාට්ෆෝනය තිරස් අතට තබා ගැනීම වැදගත්

5.සෑම විටම දුරකථනයට ලඟින් සිටීමෙන් ඔබේ කටහඬ පැහැදිලිව ඇසේ ඔබ දුරක යන්නේ නම් මයික්‍රෆෝනය සම්බන්ධ කරගන්න
6.ඔබේ අවසානයේ Video දර්ශණය සෙලවීමකින් තොරව ගැනීමට Tripod and Still Hand Technic උපක්‍රම භාවිතා කරන්න

Live Stream එකක් කිරීමට පෙර
1.  Live stream පහසුකම Facebook ලබා දෙයි. Live Stream භාවිතා කරමින් ප්‍රවෘත්ති නිවේදනය කරන්න
2.  මෙය අපහසු කාර්යයක් නොවුණත් සජීවි පටිගත කිරීමක් නිසා සංස්කරණය කිරීමට නොහැකිය
3.  පණිවිඩය ඉතාමත් සරල සහ නිවැරදිව කිරීමට වගබලා ගන්න
4.  Live Stream හරහා සැණින් ප්‍රවෘත්ති සමාජ ජාල වලට ලබා දිමේ හැකියාව පවතී

Audio භාවිතය
1.  ඔබගේ දුරකථනය අතින් අල්ලා සිටිනවා නම් එහි මයික්‍රෆෝනය අවහිර නොකිරීමට වගබලා

2.  ඝෝෂාකාරී වටපිටාවක ඔබේ ප්‍රවෘත්තිය පටිගත කරනවා නම් ඒ සඳහා External මයික් එකක් භාවිතා කරන්න. එයින් ඔබේ කට හඬට වැඩි පැහැදිලි බවක් ලැබේ

ස්ථානයක් පටිගත කිරීම
1.  යම් සිදුවීමක් පටිගත කිරීමේදී සෑම විටම දුරකථනය ස්ථාවර ලෙස තබාගැනීමට උත්සහ කරන්න එමගින් ඔබේ පටිගතවීම ‍පැහැදිලි වනු ඇත
2.  එම ස්ථානයේ සිටම නිවේදනය කරනවා නම් කැමරාව ඉදිරියේ නිවේදන කටයුතු කරන්න. මෙහි හඬ පැහැදිලිවීමට නම් External සහ Internal මයික් භාවිතා කරන්න
3.  Mojo යනු සජීවී ලෙස ප්‍රවෘත්ති ඉදිරිපත් කරන්නෙක් නිසා ඔහු අතින් සිදුවිය හැකි වැරදි නිවැරදි කරන අයුරු හඳුනාගන්න
Mojo කෙනෙකුට අවශ්‍ය වන උපාංග







Mojo කෙනෙකුට අවශ්‍ය වන Apps





BBC - Smartphone Journalism වීඩියෝව ඇසුරෙනි


0 comments:

Post a Comment