මේ පෘථීවිය මත බුද්ධිමත්ම
ජීවී කොට්ඨාශය හෝමෝ සේපියානුවන් වග අපි සියවස් ගනණාවක් තිස්සේ පසක් කොට ඇත්තෙමු. අනෙකුත්
සියළුම සත්ත්ව විශේෂයන් පරදා නොනැවතුන අපි, සොබාදහම සමගද උරනෙර ගැටී සිටින්නෙමු. සොබාදහමේ
බොහෝ දෑ පාලනය කරන්නෙමු. තාක්ෂණයේ විශිෂ්ඨ නිර්මාණ සමග අපි දැන් තව තවත් පරිණාමය
වන්නෙමු.
අපි තව දුරටත් හෝමෝ
සේපියානුවන් නොවන්නෙමු. අපි හෝමෝ ඇන්ඩ්‍රොයිඩ් ජීවීන් වන්නෙමු. නව මාධ්‍ය විප්ලවයේ
සොඳුරුතම සොයාගැනීම වන බලසම්පන්න නවීන ජංගම දුරකථනය නිසා මිනිසා තවත් පියවරක්
ඉදිරියට පරිණාමය වී ඇත.
හෝමෝ ඇන්ඩ්‍රොයිඩියානුවන්ගේ
සුවිශේෂී ලක්ෂණය නම් ඔවුන් අතැති ජංගම දුරකථනය භාවිතයේ ස්වභාවයයි. ඔවුනගේ ජීවිතයේ
සියළු දෑ තීරණය කරනු ලබන්නේ මෙම තාක්ෂණික මෙවලම හරහාය.
හෝමෝ ඇන්ඩ්‍රොයිඩියානුවන්
කුඩා කාලයේදීම මෙම උපකරණය අතට ගනී. ඔවුන් නැලවිලි ගීත අසන්නේ මෙයිනි. සෙල්ලම්
කරන්නේ දුරකථන ක්‍රීඩාය. අසන්නේ YouTube සංගීතයයි. බලන්නේ කාටූන්ය.
දරුවන්ගේ කාර්ය බහුල
දෙමාපියන්ද දරුවන් අතට ජංගම දුරකථන ලබා දී අස්වැසිල්ලක් ලබා ගනී.

ජංගම දුරකථනයට වඩාත් ඇබ්බැහි වී ඇත්තේ මල්වර වයසේ
නව යෞවන යෞවනියන් හා තරුණ පරම්පරාවයි. ඔවුන්ගේ දෛනික ජීවිතයේ වැඩි කලක් ගත වන්නේ
මෙම සන්නිවේදන මෙවලම සමඟයි.

හොඳ සමග නරකද එක ලගම එන
බැවින් මෙම නව යොවුන් වියේ පසුවන්නන්ට ලිංගිකත්වය පිළිබඳ බොහෝ දෑ කියා දෙන්නේද මෙම
ජංගම මෙවලමයි. අන්තර්ජාලයේ “SEX” යන වචනයෙන් search කරන්නන් අතර අපි ලෝකයේ ඉදිරියෙන්ම සිටින්නෙමු.

හෝමෝ ඇන්ඩ්‍රොයිඩියානුවන්ගේ ජීවිතයේ බොහෝ
දෑ විඳගන්නේ ජංගම දුරකථන හරහාය. ඔවුන් දුක, සතුට බෙදා ගන්නේ ජංගම දුරකථන හරහාය. ඔවුහු
තම ලිංගික සහකරුවන්ගේ තෘප්තිය උදෙසා ජංගම දුරකථනය ඉදිරිපිට නිරුවත් වීමටද තරම්
එඩිතර වී ඇත්තේ ඒ නිසාය.
නූතන මානවයාගේ ජංගම දුරකථන ඇබ්බැහියේ තරම නම් දිනකට සාමාන්‍යෙයන් 110 වරක්
තම ජංගම දුරකථනය පරීක්ෂා කරති. ඔවුන් වැඩි පුරම බලා සිටින්නේ මෙම තිරය දෙසය.
ස්වකීය ජංගම දුරකථනය
නැතිවීම, ඔවුනට දරා ගත නොහැකි දුකක් සේම අහිමි වීමක්ද ගෙන දේ. එය NOMOPHOBIA නම් මානසික ව්‍යාධියක් බවට පත්ව ඇත.
හෝමෝ ඇන්ඩ්‍රොයිඩියානුවන් ජංගම දුරකථනයේ
වහලුන් බවට පත්ව ඇති බව ඔවුන් නොදනී. හෝමෝ ඇන්ඩ්‍රොයිඩියානුවන් යනු විද්‍යුත්
කුටීර වල සිරවුනු හෝමෝ සේපියානුවන්ම බව ඔවුන් නොදනී.
මානව වර්ගයාගේ දියුණුවද,
විනාශයද ඇත්තේ මෙම ජංගම දුරකථනය තුලමය.
සී.ජේ.පී. කුලතිලක
SC/PG/MAMM/2016/2017/019
0 comments:
Post a Comment