Pages

Friday, August 25, 2017


කුණු ප‍්‍රශ්නය හා කුණු නොවන On line මතවාදය


      මෙවර මැයි දිනයට පසු දිනයේත් සුපුරුදු පරිදි සම්ප‍්‍රදායික මාධ්‍ය මෙන්ම සමාජ මාධ්‍ය වල ද පළමු තැන ලැබෙන්නේ තම පක්ෂයට වැඩිම සෙනග ප‍්‍රමාණයක් පැමිණි බවට ඒ ඒ පක්ෂයන් හි හෙංචයියලා සිදු කරන පම්පෝරි සඳහායි. එයට පමණක් දෙවැන වෙමින් රැුලිය පැවති ප‍්‍රදේශයේ අඩුවෙන්ම කුණු දමා ලකුණු දමා ගැනීමේ ප‍්‍රවණතාවක් ද ඇති වෙමින් පවතී. ඒ අතර පසුගිය වසරේ මැයි දිනය දා face book හරහා සංවිධානය වී සිදු කල කුණු ඉවත් කිරීමේ කි‍්‍රයාවක් පිළිබඳ Lanka e news වෙබ් අඩවිය වාර්තා කර තිබුණි.
http://www.lankaenews.com/news/3943/si
       මේ වනාහි සමාජ මාධ්‍ය තුළ පුරවැසි මාධ්‍යකරණය කි‍්‍රයාත්මක වන ආකාරය අගය කළ යුතු තත්වයකි. රටේ වැඩිපුර සෙන`ග එක් රැුස්වූ සිරි පා වන්දනා සමය, නුවරඑළිය වසන්ත සමය මෙන්ම නුදුරේදීම පැවති දළදා පෙරහැර පිළිබඳ පසු කතා බහ වැඩිපුරම ඇති වූයේ කුණු ප‍්‍රශ්නය සම්බන්ධයෙනි. මීතොටමුල්ල කුණු කන්ද ප‍්‍රශ්නය අවස්ථාවේදී ප‍්‍රබල ම දේශපාලන කුණු කතා එලියට ඇද දැම්මේ සමාජ මාධ්‍ය බව නොරහසකි.

 
   ලාංකේය සමාජය තුළ අප ද්‍රව්‍ය බැහැර කිරීමේ නිවැරදි ප‍්‍රතිපත්තීන් හෝ ක‍්‍රමවේදයන් නොතිබීම පිළිබඳව කතා බහ විවිධ සමාජ මාධ්‍ය ඔස්සේ කලකට පෙර සිටම කතා බහට ලක් වේ. මා හිතවත් හෙන්රි වර්ණකුලසූරිය තම blog එක හරහා ඔස්ටේ‍්‍රලියාවේ තත්වයන් උදාහරණයට දක්වමින් තොරතුරු දක්වා තිබුණි.

රසික සූරියආරච්චි කුණු ප‍්‍රශ්නය සම්බන්ධයෙන් විවේචනාත්මකව තැබූ blog සටහන් කිහිපයක්ම ඇත.
https://rasikalogy.blogspot.com/2015/06/local-rubbish.html
http://rasikalogy.blogspot.com/2015/06/blog-post.html

බොහොමයක් blogs වල ලංකාවේ කුණු සම්බන්ධයෙන් පල වූ එක් රචනාවක් හෝ දක්නට ලැබේ.

 
අද වන විට සමාජයේ සාමාන්‍ය භාවිතාවක් බවට පත්වෙමින් පවතින කුණු වර්ග කිරීමේ අවශ්‍යතාව සමාජ මාධ්‍ය ඔස්සේ කතිකාවට ලක් වූ ප‍්‍රධාන කාරණාවකි. 
    ලංකාවේ මිනිසුන් බෙහොමයක් දෙනා අතේ Smart Phone තිබුනත් ඔවුන් බහුතරයකගේ ගේ මොළය Smart නැති බව තැන් තැන් වල කුණු දැමීම තුළින් පෙනෙන්නේ යයි මාධ්‍යවේදීන් අතරින් සමාජ ජාලාවන් සම්බන්ධව Pioneer කෙනෙකු වන නාරද බක්මීවැව ITN Fm ඔස්සේ ප‍්‍රකාශ කරනු මට ඇසුනි. එසේම ලංකාවේ කොහේ හෝ තැනක කුණු දමන්නේ නම් එම තොරතුරු Video ද සහිතව Upload කළ හැකි රාජ්‍ය යාන්ත‍්‍රණයක් ද තිබෙන බව ඔහු තව දුරටත් ප‍්‍රකාශ කලේය. 
    කෙසේ හෝ වේවා බොහොමයක් සමාජ ප‍්‍රශ්න හා ගැටළු සමාජ මාධ්‍ය හේතුවෙන් කුණු වෙන තත්වයන් තුළ රටේ කුණු ප‍්‍රශ්නයට එසැන ප්‍රතිචාර දක්වමින්, තව දුරටත් කුණු නොකිරීමට සමාජ මාධ්‍ය සැලකිය යුතු කාර්යභාරයක් සිදු කරනු පෙනේ.

 
 
සමන් කාරියවසම්
SC/PG/MM/2016/2017/13

0 comments:

Post a Comment