Pages

Monday, August 21, 2017

Blog සමග පවුල් කෑම
 

   ආදරය පිළිබඳ හැගීම් මෝදු වන ඉලන්දාරි වයසේදී ආදර සම්බන්ධයක් පිළිබඳ මගේ හිත තුළ තිබුනේ තරමක බැරෑරුම් හැගීමකි. එසේ වුවත් මගේ යහලූවාගේ පෙම්වතිය සමග එන supporter සමග හෝ යාලූ වීමේ ආසාවක් යටි හිතේ නොතිබුනා ම නොවේ.
    ප‍්‍රධාන සමාජ ජාලා මාධ්‍යයක් වන face book post එකක ඇමිණි එන blog post එකක් ඉඳහිට අහම්බයෙන් කියවන මට, blog එකක් නිර්මාණය කර ගැනීමේ අවශ්‍යතාවක් තිබුන ද ආදරය පිළිබඳ සිතුවිල්ල මෙන්ම එය ද යථාර්තයක් වූයේ නැත. එසේ වුව ද යහළුවාගේ පෙම්වතියටම සෙට් වී අන්තිමට යහළුවා ද අතහැර දමා යහපත් පවුල් ජීවිත ගෙවන යහළුවන් මෙන් fb link හරහා blog වලට love කර fb අතහැර දැමූ යහළුවන් ද මට සිටියි. මනස නැමැති භෞතික නොවන අවකාශයේ ඇති වන ආදරය මෙන් virtual space එකක තිබෙන අන්තර්ජාලය තුල ද අපට කැමති පරිදි විවිධ සම්බන්ධතා නිර්මාණය කර ගත හැකිවේ.
 

    ශ‍්‍රාස්ත‍්‍රපති පාඨමාලාවේ On-line Media විෂය සඳහා blog එකක් හදන්නට මාධව සර් නියම කලේ assignment එකක් ලෙසිනි. blog එකක් ලිවිමේ ආශාව මගේ සිත තුළ කැකෑරෙමින් තිබූ මෙකල එය මට ආශිර්වාදයක්ම විය. විවාහය හා ආදරය සම්බන්ධයෙන් මගේ වැඩිහිටියන් එදා සිදු කලේ ද මාධව සර් කලා වැනි ම වැඩකි. එසේම එකල ඒ පිළිබඳව මා තුළවූ ප‍්‍රතිචාරය අද ට වඩා වෙනස් වූයේ ද නැත.
 
    blog සහ ආදර සම්බන්ධතා අතර අතිශය සමානකම් බොහොමයක් තිබෙන බව මට හැගේ. සමාන අදහස් තිබෙන පේ‍්‍රමවන්තයන්ගේ එකතුවෙන් සාර්ථක පේ‍්‍රමයන් ඇතිවන්නා සේ ඒ ඒ blog වටා සමාන අදහස් දරන්නන් එක් රොක් වීම දක්නට ලැබේ. නව මාධ්‍ය කුලකයට අයත්, සමාජ මාධ්‍ය නැමැති උප කුලකයේ ප‍්‍රධානම ලක්ෂණයක් වන්නේ ද මෙම ස්වභාවයයි.  සමහර ආදර කතාවන්හි, ප‍්‍රධාන ආදරවන්තයින්ගේ කතාව පරයමින් මතුපිටට එන ඥාති පාර්ශව විසින් ඇතිකරන ගැටළු, තර්ක විතර්ක හා මත ගැටුම් මෙන් සමහර blog post එකක ප‍්‍රධාන post එකට වඩා දීර්ඝව ගොඩනැගෙන අනෙකුත් පාර්ශවයන්ගේ කමෙන්ටු හා සංවාද දැකිය හැකිවේ. එවැනි ආදර කතාවන් පිළිබඳව ඥාති සංහතිය පුරාම කුප‍්‍රකට වන්නා සේ එවැනි blog එකක් ratings වල ඉහලටම පැමිණෙන අවස්ථා ද දුලබ නොවේ. ආදරවන්තයින් නොවන පාර්ශව දෙකකට සිදු කළ නොහැකි සිප වැළඳ ගැනීම්, තුරුළු කර ගැනීම් ආදිය ආදරවන්තයින්ට හැකි වනවා මෙන් සාමාන්‍ය සමාජය තුළ සිවු කළ නොහැකි බොහෝ කතා බහ සමාජ මාධ්‍ය ඔස්සේ සිදු කළ හැකිවේ. නීති්‍යානුකූල ආදරයට හොරෙන් අනියම් සබඳතා පවත්වන අය මෙන් බැලූ බැල්මට නොපෙනෙන, එහෙත් සැගවූ දේශපාලන හෝ ව්‍යාපාරික න්‍යායපත‍්‍රයන්ට අනුව ක‍්‍රියාත්මක වන blog ද මේ අතරතුර නැතුවා නොවේ. 

   ආදර සම්බන්ධයකදී ආදරය කිරීමට වෙලාවක් කලාවක්, තැනක් නොතැනක් නැත. සමාජ මාධ්‍යයයේ හැසිරෙන්නන්ට ද blog අඩවි සැරිසරන්නට  ඕනෑම විටෙක අවස්ථාව තිබේ. මෙහි ප‍්‍රධාන ලක්ෂණය වන්නේ ද කැමති තැනක සිට කැමති වේලාවක කැමති device එකකින් සම්බන්ධතා පැවැත්වීමේ ඇති හැකියාවයි. විවිධ ආශාවන් තෘප්ත කර ගැනීමට හෝ වෙනත් බලාපොරොත්තු ඇතිව සම්බන්ධතා සඳහා යොමුවන පුද්ගලයන් මෙන් නිර්නාමිකව හෝ ව්‍යාජ නම් වලින් සමාජ ජාල ගත වන පුද්ගලයන් හෙවත් anoy ලා අන්තර් ජාල සමාජය තුල ද සිටිති.
 
  එකිනෙකා තුළින් එලියට එන අපූර්වතාවන් සහිත සුන්දර ආදරය මෙන්ම රන්ඩු සරුවල් අතරින් ඉදිරියට ගමන් කරන විවාහ දිවියක් සේ blog එකක් තමා විසින්ම ලිවීම හා පවත්වාගෙන යාමද බැරෑරුම් කාර්යයක් වෙයි. නැතිනම් දෑවැද්ද නිසාම විවාහ වී පසුව ක්ෂය වී යන විවාහ මෙන් කෙටි කලකට පවතින හෝ සුළු අරමුණක් වෙනුවෙන් පවතින niche blog එකක් බවට පත්වනු ඇත.
   කෙසේ වුව ද දැන් මා විවාහකයෙක්මි. අද පටන් මේ blog එකත් සමග පවුල් කෑම ඇරඹිය යුතුය.

සමන් කාරියවසම්
SC/PG/MM/2016/2017/13

0 comments:

Post a Comment