Pages

Tuesday, August 15, 2017

SMART වීම



SMART වීම

      අද වන විට මුළු මහත් ලෝකයම SMART ලෝකයකට අනුහුරු වෙමින් පවතී.කළමනාකරණ විෂය ක්ෂේත්‍රයේදී අප SMART යන යෙදුම භාවිතා කරනුයේ,
                        S          -           Specify             - වි‍ශේෂිත
                        M         -           Measurable       - මැණීය හැකි
                        A         -           Achieve        - ළඟාවිය හැකි
                        R         -           Realistic          - යතාථීවාදී
                        T          -           Time bound      - කාලානුරූපී
                                                                        යන අරුතෙන් වුවත් සයිබර් අවකාශය තුළ SMART යන්න ගෝලීය වපසරියක සියළු සීමා මායිම් බිඳ හෙළමින් ජංගම දුරකථනයක  "සුරුබුහුටි" බවට අතික්‍රමණය වෙමින් පවතී.
            පෙරාතීතයේ පණිවිඩ හුවමාරුව සඳහා සංදේශ හා තැපෑල භාවිතා විය.මුද්‍රණ ශිල්පයේ දියුණුවත් සමඟ ප්‍රවෘත්ති ආදිය පළ කිරීම සඳහා පුවත්පත් බිහිවිය.ඉලෙක්ට්‍රොනික තාක්ෂණයේ ආගමනයත් සමඟ ඒ සඳහා ගුවන්විදුලිය හා රූපවාහිනිය භාවිතා‍ විය.සාකච්ඡා සහ සංදේශ සඳහා දුරකථනය ද,පසුකාලීන වර්ධනය සමඟ පේජරය හා ජංගම දුරකථන කෙටි පණිවිඩ සේවාවද ලෝකයේ සන්නිවේදන අහුමුළු පුළුල් කළේය.අන්තර්ජාලයේ බිහිවීමත් , විද්‍යුත් තැපැල්(e-mail)ක්‍රමයේ සීඝ්‍ර වර්ධනයත් සමඟ සන්නිවේදනයේ විශාල අවකාශයන් ලෝකයට විවර වූ අතර අතැඟිලි හරහා ලෝකයේ සිව්කොන දැනීමේ අවස්ථාව විශ්ව මිනිසාට හිමිවිය.
            තාක්ෂණයත් සමඟ දියුණු වූ මෙම විවිධ අංගයන් වෙන් වෙන් වශයෙන් හුදකලාව පැවතුණේ මඳ කලක් පමණි.අභිසාරීතාව හරහා ඒ ඒ සෑම අංගයකට ඒකාකෘතිතකරණයක් දැක ගත හැකිය.
            අතීත සම්ප්‍රදායික මාධ්‍යයන්හි මාධ්‍ය අභිසාරීතාව දැකගත හැකි විය.රූපවාහිනී,ගුවන්විදුලි වැඩසටහන් වල විස්තර පුවත්පත්හි දක්නට ලැබුණු අතර පුවත්පත් වල විස්තර  රූපවාහිනී හා ගුවන්විදුලි වැඩසටහන් හරහා නරඹන්නට හා ආසන්නතම ග්‍රාහකයාට අවකාශ ලැබිණි.මෙකී නිමි වළලු පුළුල් කරමින් අන්තර්ජාලයේ ආගමනයත් සමඟ සම්ප්‍රදායික මාධ්‍යයන්හි සියළු දෑද මේ වන විට එකම ස්ථානයකින් ලබාගැනීමේ සුවිශේෂී හැකියාව උදා වී තිබේ.

            අද වන විට මාධ්‍ය අභිසාරීතා‍වයේ ඉහළට සංකේන්ද්‍රණය පෙන්නුම් කරමින් පුවක්පතෙන් කෙරෙන කාර්යය වේවා,ගුවන්විදුලියෙන් කෙරෙන කාර්යය වේවා,රූපවාහිනියෙන් කෙරෙන කාර්යය වේවා,එකතු කොට දුරකථනයේ,සිනමාවේ,සංදේශනයේ යනාදී සියල්ලේම කාර්යයන්ද ,‍ෆේස් බුක්,ට්විට(ර්) වැනි සමාජ ජාලා වල කාර්යයන්ද,අනිකුත් එකී නොකී මෙකී සියළුම සයිබර් අවකාශවීය කාර්යයන්ද ගොනුගත වූ අභිසාරීමය උපාංගය බවට SMART ජංගම දුරකථනය පත්ව තිබේ.
            දුරකථන ඇමතුමක් ලබාගැනීමටද ,Viber  හෝ  Whatsup පණිවිඩයක් යැවීමටද,කෙටි පණිවිඩයක් (SMS) හෝ බහුකාර්ය පණිවිඩයක් (MMS) යැවීමටද,Facebook හෝ  twitter ගතවීමටද ,රූපවාහිනිය නැරඹීමටද ,ගුවන්විදුලිය ශ්‍රවණය කිරීමටද ,පුවත්පත කියවීමටද ,මාර්ග ගතව හෝ නොමැතිව ක්‍රීඩා (games) කිරීමටද ,වේලාව බලා ගැනීමේ සිටදේශගුණ විපර්යාස දක්වා වූ ලක්ෂ ගණනක් apps හරහා සේවය ලබාගැනීමට මතු නොව බැංකු හා වෙනත් ගෙවීම් සේවා සඳහා මාර්ගගත ගෙවීම් (online payments) හා ණය පහසුකම් ලබාගැනීමටද යනාදී වූ අපගේ වහරින් වේ.අට අනූවක් රෝග,නව අනූවක් ව්‍යාධි සඳහා ප්‍රත්‍යක්ෂ  ඖෂධය බවට SMART ජංගම දුරකථනය පත්ව තිබේ.
            SMART ලෝකය කවර ලෙසකින් අතික්‍රමණය කර ඇතිද යන වග බෙහෙවින් ප්‍රකට වන්නේ ෆේස්බුක් හා ජාලගත විය හැකි ,ස්කයිප් කළ හැකි,සිනමා පට බාගත කොට හෝ මාර්ග ගතව නැරඹිය හැකි ,එමෙන්ම රූපවාහිනියද නැරඹිය හැකි SMART රූපවාහිනී වෙළඳපොළට පැමිණීමත්,කටහඞ අනුව දුරකථන ඇමතුම් ලබාගත හැකි ,අන්තර්ජාල ගතවිය හැකි එමෙන්ම වේලාවද බැලිය හැකි SMART ඔරලෝසු (SMART Watch)වෙළඳපොළට පැමිණිමත් සමඟිනි.
http://www.businessdictionary.com/definition/online-media.htmlhttps://www.lifewire.com/what-makes-a-smartphone-smart-579597


            සමස්ත ලෝකයම මාර්ගගතව SMART වීමත් සමඟ මිනිසාගේ ජන ජීවිතයද අතැඟිලි හා අත්ල මතට ක්ෂුද්‍ර වී තිබේ.එදිනෙදා ලෝකයේ සිදුවන දෑ කතා බහ  කොට බෙදා හදා මිනිසුන් අද comment කොට share කර සියල්ල අවනතව බිමට බර වූ නෙතින් SMART ජංගම දුරකථනය දෙස නෙත් දල්වා බලා සිටී.කොටින්ම කිවතොත් අද පවුලේ සතුටු සාමීචි කතා නිවෙස්වල නොඇසේ.පවුලේ සාමාජිකයන් සියල්ල සාලයේ සිටියද සියල්ලන්ගේම ඇස් තිබෙන්නේ ඔවුනොවුන්ගේ දුරකථන මතය.සාද කතා අවනතව ගොස් ඇත.අනුක්‍රමයෙන් මිනිසාට තමාව අවනතව යමින් පවතී. SMART දුරකථන වහල්ලු බවට සමාජය පත්වෙමින් පවතී.





            මෙය එතරම් සුභදායී තත්වයක් නොවේ. SMART වීම අත්‍යාවශ්‍යය.නව තාක්ෂණය ලෝකය හා එසවීමට නම් ,එහි පංගුකාරයන් වීමට නම් තාක්ෂණයට අනුහුරු විය යුතුවේ.එහෙත් එය සිදුවිය යුත්තේ ස්වකීය වටිනාකම් හා සමාජ ධර්ම නොබි‍‍ඳෙන පරිදිය.නැතහොත් SMART වීම වඳුරාට දැලි පිහිය හසු වූවාට නොදෙවෙනි වනු ඇත.


 Reference :-
1.Parisi,Tony: Learning Virtual Reality(2016),O'Reilly Media,Inc.(Sebastopol)


S.D. Thewarapperuma
SC/MAMM/2016/2017/02


0 comments:

Post a Comment