Pages

Saturday, June 15, 2019

අධ්‍යාපනය යනු කුමක්ද?


                                                       අධ්‍යාපනය යනු කුමක්ද?




Education  යන ඉංග්‍රීසි වචනය අධ්‍යාපනය යනුවෙන්  සිංහල භාෂාවේ කියැවේ. Education යන ඉංග්‍රීසි වචනය බිඳී ඇත්තේ ලතින්  භාෂාවේ  Educare යන පදයෙනි. මෙම ලතින් වචනයෙන් ගම්‍ය වන්නේ ඉවතට යාම (To lead out) නැතහොත් පිටතට මතු  කරදීම යන්නයි.





Educere - මඟ පෙන්වීම හෝ එළියට ගැනීම
   
Educare - ඇතිදැඩි කිරීම, සාරය එළියට ගැනීම 
                                
Educo -  ඉදිරියට යොමු කිරීම

Education -  ඉගැන්වීමේ ක්‍රියාවලිය

 මෙලෙස Education යන වචනයෙහි නිරුක්තිය පිළිබඳ අදහසක් දැක්විය හැකිය.

"අධ්‍යාපනය යනු මිනිසාගේ කායික, මානසික, සමාජයීය, සංස්කෘතික,  සදාචාරාත්මකාත්මක, ආධ්‍යාත්මික වශයෙන් සහජ ශක්තීන් නොනවත්වා වර්ධනය කරන්නාවූ නිත්‍ය ක්‍රියාවලියකි." 
                                                                                                                               V. R. Taneja





අධ්‍යාපනය යනු  ඉතා   සංකීර්ණ සංකල්පයකි. අතීතයේ සිට මේ දක්වා  මිනිසා  අධ්‍යාපන ක්‍රියාවලියෙහි නිරතව  සිටියි.

විවිධ නිර්වචන වල ස්වභාවය අනුව අධ්‍යාපනය යන සංකල්පය පිළිබඳ ඇති අදහස් කලින් කලට වෙනස්විය හැකි බව  අධ්‍යනය කිරීමේදී පැහැදිලි වෙයි.
" අධ්‍යාපනය යන්න කුමක්දැයි සෙවීමට දරන ප්‍රයත්නය කාලය නාස්තිවන නිෂ්ඵල කාර්යයක්"  ලෙස  ලෙස්ටර් ස්මිත් විස්තර කරයි.   
  
එමෙන්ම අධ්‍යාපන සංකල්පය  සංකීර්ණ වීමට ප්‍රධාන සාධක හතරක් බලපාන බව  J. C. aggrwal  පෙන්වා දෙයි. 

1.   පුද්ගලයන්ගේ පෞරුෂත්වයේ පවතින විවිධ
2.   පරිසරයේ පවතින විවිධතා
3.   ජීවිතය පිළිබඳ ඇති විවිධතා
4.   විවිධ අධ්‍යාපනික න්‍යායන් හා ව්‍යවහාරයන්

 "අධ්‍යාපනය රටින් රට සංස්කෘතියෙන් සංස්කෘතියට පමණක් නොව කලින් කලට ද වෙනස් වේ."





අධ්‍යාපනය සමාජ වෙනස්වීම් පසුපස යන අතර අධ්‍යාපනය විසින්ද සමාජය වෙනස් කරනු ඇත.

M. D. B. Prasad Weerasinghe
SC/MAMM/2018/2019/10

1 comments:

Unknown said...

Godak hoda karunu tikak. Mage assignment akata karunu tikak me thulin mt lebuna. Thank you very much 👍👍👍

Post a Comment