Pages

Wednesday, August 9, 2017

නව තාක්ෂනයට ප්‍රබල ප්‍රහාරයක්


අද ලෝකයේ වැදගත්මල බලවත්ම වාණිජ මාධ්‍ය බවට පත්  වී තිබෙන්නේ තොරතුරු. කාලයක් තෙල් හා ගෑස්, ගල් අඟුරුවලට හිමිව තිබූ තැන අද තොරතුරුවලට ලැබී තිබෙනවා.

අද ලෝකයේ තිබෙන බලගතුම වාණිජ සමාගම් වැඩිම ආදායම් සහිත වැඩිම සම්පත් සහිත ආයතන සියල්ලම ගූගල් වේවා, අයිබීඑම් වේවා, ෆේස් බුක් වේවා, ඒ වගේම ඇමසෝන් වේවා, අලිබබා වේවා මේ සියල්ලම අද ඉහළින්ම වැජඹෙනවා ලෝකයෙ අතීතයේ පැවති තෙල් ගෑස් සමාගම් සහ බැංකුවලට සාපේක්ෂව. 

අපි දන්නවා කාලයක් ෂෙල් සමාගම, බිරගෑසටිස් පෙට්රෝ ලියම් ආයතනය සහ ඇමරිකා එක්සත් ජනපදය විසින් පාලනය කළ ගෑස් සමාගම් ෂිනෝපෙක් සමාගම්, චීනයේ, රුසියාවේ ගෑස් ෆ්රොාම් ආයතනය, මේවා බලගතු ආයතන විදිහට පැවතුනා. 

නමුත් දැන් ඒ සියල්ල අභිබවා ඉදිරියට ඇවිත් තිබෙන්නේ තොරතුරු තාක්ෂණ කිරන් යාවලිය. එනිසා ලෝකයේ නවතම, බලගතුම, වාණිජ උපාංගය බවට තොරතුරු තාක්ෂණයත්, ඉලෙක්ට්රො නික තාක්ෂණයත් ඒ හා බැඳිච්ච සයිබර් අවකාශයත් පත් වී තිබෙනවා. ඒ නිසා ඒ මහා අවකාශයේ ඇතිවන ගැටුම් කාටවත් නොතකා හරින්න බැහැ.

තෙල් හා ගෑස්  පිළිබඳව ඇතිවෙච්ච අරගලය අද දක්වා ලෝකය පුරා භයානක යුද්ධ ගනණාවකට මුල පුරා තිබෙනවා. සෞදි අරාබිය, ලිබියාව, ඉරාකය, සිරියාව ආදී රටවල් හරහා වෙලි පැතිරී ගොස් තිබෙන යුධ ගැටුම්වල ප්‍රධානම සාධකය වී තිබෙන්නේ තෙල් හා ගෑස්. එසේ නම් අනාගතයේ තොරතුරු තාක්ෂණය පදනම් කර ගත් යුධ ගැටුම් ආදියට ලෝකය යොමුවෙයි ද කියන ගැටළුව මෑතකදී සයිබර් අවකාශයට එල්ලවුනු මහා හැකර් ප්‍රහාරයෙන් වාර්තා වෙනවා. 



ඒ වගේම අනෙක් වැදගත් කාරණය තමයි ඒ ඒ රටවල් මෙයට මුහුණ දෙන්නේ කොහොමද කියන එක. මෝටර් සයිකලය නිෂ්පාදනය කළ අවස්ථාවේදී අනතුරු වලක්වා ගැනීම සඳහා හෙල්මට් යොදා ගැනීමට හැකි වුණා. ඒ වගේම මෝටර් රථය අනතුරුවලට ලක්වෙනකොට සීට් බෙල්ට් ආදිය පාවිච්චි කරලා ආරක්ෂණ උපාංග හඳුන්වා දුන්නා. 

අනාගතයේ පරිගණක වලටත් අත්‍යවශයෙන්ම මේ සීට් බෙල්ට් එකයි හෙල්මට් එකයි එනම්,  ආරක්ෂටක උපාංග අවශ්‍යම වෙනවා. එසේ නොවුනහොත් මේ පරිගණක ලෝකය බිඳ වැටෙන්න නියමිතයි. දැනටමත්   බොහෝ සමාගම්ල තානාපති කාර්යාලය පැරණි ටයිප් රයිටරයට ආපසු ගොස් තිබෙනවා. තමන්ගේ රහස්යමභාවය ආරක්ෂා කර ගැනීම සඳහා.

ඒ නිසා නිදහස් ලෝකයේ ඇතිවෙච්ච මේ සයිබර් අවකාශය අද එක් අතකින් භයානක අපරාධකරුවන්ගේ කෙළිමඩලක් බවට පරිවර්ථනය වෙමින් තිබෙනවා. ඉලෙක්ට්රොයනික යුද්ධයක් සඳහා වන වටපිටාවක් ඒ මත ගොඩනැගී තිබෙනවා.

මේ මෑතදී ශ්‍රි ලංකාවේ ත්‍රස්තවිරෝධි අණපනත් වෙනස් කිරීමේ උත්සාහයක් දැරුණා. එහිදීත් ප්‍රධාන වශයෙන්ම අවධානය යොමු විය යුත්තේ මේ ඉලෙක්ට්රොසනික යුද්ධයයි. අනාගත යුද්ධය ඇති වෙන්නේ මහපොළවේ සිදුවන කාලතුවක්කු හා වෙනත් අවි ආයුධවලින් නෙවෙයි. 

විශේෂයෙන්ම අපේ තරංග, එනම් ප්‍රිකුවින්ස් ෆැක්ට්‍රම් එකේ ඇතිවන මහා යුද්ධයක් ලෙසයි එන්නේ. එනිසා විවිධාකාරයේ අනාගතයේ සිදුවන ඉලෙක්ට්රොනික යුද්ධයෙන් රට ආරක්ෂාකර ගැනීමට අපි වග බලාගත යුතුයි. ඒක එක පැත්තකින් නීතිමය ආකාරයටත්, අනෙක් පැතිවන තාක්ෂණික ආකාරයටත්, සදාචාරමය ආකාරයටත් මේ පද්ධති විධිමත්ව පාවිච්චි කිරීමත්, සමාජ යහපත සඳහා පාවිච්චි කිරීමත්, මේ පද්ධතිවලට එල්ලවන ප්‍රහාරයෙන්  ආරක්ෂා කර ගැනීමත් අත්‍යවශ්‍ය වෙනවා.

වාහනවලට සීට් බෙල්ට්, බැලූන යොදා ගත්තා වගේ, මෝටර් සයිකලය පදවන්නන් ග්ලවුස් සහ හෙල්මට් දැම්මා වගේ පරිගණකවලටත් නව ආරක්ෂක උපාංග මේ මහා හැකර් ප්‍රහාරවලින් ගැලවීමට අත්‍යවශ්‍ය යුගයකට අපි පැමිණ තිබෙනවා. 

අනාගත යුද්ධය ඉලෙක්ට්රොකනික යුද්ධයක්. එය සයිබර් අවකාශයේ වඩාත් විස්තරාත්මකව ප්‍රකාශ කරනවා නම් තරංගවලට සිදුවන යුද්ධයක්. ඒ සඳහා අපේ රටත් සුමට යුගයකට, සුහුරු යුගයකට ගමන් කොට ඒ සඳහා සූදානම් කළ යුතු වෙනවා.




References


S.A.M.Fawaz
SC/PG/MAMM/2016/2017/03

0 comments:

Post a Comment