Pages

Friday, June 19, 2020


නූතන මාධ්‍ය හමුවේ ළමා මනසේ වර්ධනයට සුභාවිත 
    ගීතයෙන් ගත හැකි අභාසය....



නාලක ස්වර්ණතිලක, කුලරත්න ආරියවංශ, සෝමරත්න දිසානායක, අතුල රන්සිරිලාල් අමරසේන කංකානම්ගේ, එඞ්වඞ් ජයකොඩි වැනි ක්‍ෂෙත්‍රයේ ප්‍රවීණයන්ගේ අදහස් සැලකිල්ලට ගනිමින් නූතන මාධ්‍ය හමුවේ සිංහල ළමා සාහිත්‍යයට සහ ළමා ගීතයට යම් මෙහෙයක් ඉටු කිරීම සඳහා ඉදිරිපත් කෙරෙන යෝජනා පහත සඳහන් පරිදි වේ.
01.  ජීවිතය කියාදීම සඳහා සුදුසු නිර්මාණකරුවන් හිඟවීම හා ඔවුන් ඇගැයීමට ලක් විය යුතුයි.
02.  මුදල් මත යැපෙන සමාජයක අභ්‍යවකාශයේ විද්‍යුත් චුම්බක කිරණ වශයෙන් අනාගතයේ පැවැත්ම සඳහා දරුවන්ට ටැබ් වැනි උපකරණ බෙදා දී සාහිත්‍ය විමර්ශනයට පිරිපුන් මිනිසක් බිහි කිරීමට අත්‍යවශ්‍ය ළමා සාහිත්‍ය මුද්‍රිත මාධ්‍යයෙන් ගිලිහී යා නොදිය යුතුයි.
03. රූපවාහිනී නාලිකා විදෙස් ටෙලි නාට්‍ය ළමයින්ට සුදුසු යැයි කියමින් දෙබස් කවා නොපෙන්වා ශ්‍රී ලාංකික සංස්කෘතික අනන්‍යතාව රැක ගැනීමට උත්සාහ ගත යුතුයි.
04.  වැඩිහිටියන් නරඹන නොවැදගත් ටෙලි නාට්‍ය බැලීමට දරුවන් නොපෙළඹ විය යුතුයි.
05.  ළමා නිෂ්පාදනවලට රජය මූල්‍යමය ආධාර ලබා දිය යුතුයි.
06. ළමයාගේ චර්යා වර්ධනය ලෙස තාක්‍ෂණය යොදා ගැනීමට හැකියි. විද්‍යුත් මාධ්‍යකරුවන්  දරුවන් වෙත දයාව අනුකම්පාව පවතින ආකාරයේ වැඩසටහන් නිෂ්පාදනය කළ යුතුයි. ළමා සාහිත්‍ය නිර්මාණකරුවන් ඒවා නිර්මාණය කිරීමට පෙළඹිය යුතුයි.
                රස වින්දනය හා විනෝදාස්වාදයට කියවීම හා ඒවාට හුරු කිරීම පංක්ති කාමර අධ්‍යාපනයෙන් දරුවාට ලබා දිය යුතුයි.
07. අඹ යහළුවෝ වැනි ටෙලි නාට්‍ය බිහි කිරීම සඳහා රූපවාහිනි මාධ්‍ය හිමිකරුවන් නිර්මාණකරුවන් පොළඹවා මුදල් වියදම් කිරීමට ඔවුනගේ ඥානය පහළ විය යුතුයි.
                ළමා නාට්‍ය ප්‍රදර්ශනයට ඇති අපහසුතාව ළමා ගීත නිර්මාණය කිරීමට ද බලපායි. දරුවන් විභාග කේන්‍ද්‍රීය අධ්‍යාපනයට යොමු නොකළ යුතුයි.
08. වැඩිහිටියන් ඔවුන්ගේ මනසින් නිර්මාණ කරන ළමා තරු බිහි කරන සුපර් ස්ටාර් වැඩ සටහන් ළමුන් විකුණන මාධ්‍ය ආයතන බවට පත් වීම සමාජයට අහිතකර වූවකි. එබැවින් ඒ කාර්යය ළමා චින්තනය යහපත් ආකාරයෙන් වෙනස් කිරීමට ගන්නා උත්සාහයක් සේ විද්‍යමාන විය යුතුයි.
09. ළමයෙක් සහභාගී වූ පමණින් එය ළමා වැඩ සටහනක් නොවේ. ළමයින්ගේ පරිකල්පනය සහ කලා රසයෙන් මනස පෝෂණය කිරීම සඳහා ඔවුන් නිර්මාණ බිහි කළ යුතුයි.
                උදා:- සිංදු බිංචු ගායනා ලොක්කෙ මාමා, හත් පණ, අඹ යාලුවෝ, ළමා පිටිය, හඳමාමා ළමා වැඩසටහන්, දොස්තර හොඳ හිත ගලිවර්ගේ සුවසැරිය මේවායේ ඇති ගීත ළමා මනසට ගලා ඒම දරුවන් නිර්මාණ කරණයට පෙළඹවීමට හේතු විය හැකියි.
10.  ව්‍යාපාරිකයා මුදල් ඉපැයීම සිය පරමාර්ථය කර ගනිමින් ළමයින් වෙළෙඳ භාණ්ඩයක් නොකළ යුතුයි. 
11. ගීත රචකයින් තම වියදමින් ගීත නිර්මාණය කර සී.ඩී. තැටි ප්‍රචාරය සඳහා නාලිකා වලට පරිත්‍යාග කළ ද ප්‍රචාරය නොලැබීම නිසා ඒවා අලෙවි නොවෙයි. ඒ සඳහා යම් ක්‍රියා මාර්ගයක් ගත යුතුයි.
  උදා: මෛත්‍රි පනාගොඩ ගිය වසරේ ළා හිරු රැස් නම් වූ ළමා ගීත සංගෘහිත තැටිය උදාහරණයක් ලෙස දැක්විය හැකිය.

12. රියැලිටි වැඩසටහන්වල දී ළමුන් වැඩිහිටි ගායක ගායිකාවන්ගේ ගීත ගයන්නේ නම් ඒ වෙනුවෙන් මුල් ගායකයන්ගෙන් අවසර ලබා ගත යුතු වේ.

13. ළමා කාලය සුරැකෙන පරිදි ඔවුන්ගේ ක්‍රියා දාමයන් සහ ඇඳුම් පැළඳුම් ළමයින්ට ගැලපෙන සේ සකස් කිරීමට ඒ ඒ වැඩසටහන් නිෂ්පාදනය කරන රූපවාහිනී ආයතනවල ප්‍රවීණයෙක් සිටිය යුතුයි.


චරිතා ප්‍රියදර්ශනී පීරිස්
SC/PG/MAMM/64






0 comments:

Post a Comment