Pages

Friday, June 19, 2020








 සමාජ මාධ්‍ය සහ ළමා මනස

තාක්‍ෂණික දියුණුවේ ප්‍රථිඵලයක් වශයෙන් මිනිසාගේ සන්නිවේදන මාධ්‍යයන් ද දියුණු විය. සාම්ප්‍රදායික සන්නිවේදන ක්‍රමයන් මගින් අදහස් හුවමාරු කර ගත් පුද්ගලයෝ නොයෙක් දියුණු ක්‍රම භාවිත කරමින් ලෝකය එකම ස්ථානයකට රැගෙන ඒමට වෙහෙස ගත්හ. එහි ප්‍රථිඵලයක් වශයෙන් ගුවන්විදුලිය, රූපවාහිනිය, සිනමාව, අන්තර්ජාලය, චන්‍ද්‍රිකා තාක්‍ෂණය මෙකී පණිවුඩ හුවමාරු කර ගැනීමේ මූලික මාධ්‍ය වශයෙන් අද ජනප්‍රියව පවතියි. ගුවන්විදුලිය අභිබවා රූපවාහිනියත් රූපවාහිනිය අභිබවා සිනමාවත් ඒ සියල්ල අභිබවා අන්තර්ජාලයත් මිනිස් මනස ග්‍රහණය කර ගැනීමට මේ වන විට හැකි වී ඇත. විනෝදය, දැනුම ආදී සියල්ලක්ම සොයා යාමට අන්තර්ජාලය භාවිත කිරීම නූතනම ජනමාධ්‍ය ලෝකයේ ඇති ප්‍රබල ප්‍රවණතාවකි.
මුහුණු පොත, යූටියුබ් සහ විවිධ අන්තර්ජාල අඩවි භාවිත කරමින් එසැණින් පුවත් දැන ගැනීමටත්, තමා අභිමත ඕනෑම ගීතයක්, චිත්‍රපටයක් හෝ වෙනත් නිර්මාණාත්මක කෘතියක් රස විඳීමට එක් වන ප්‍රේක්‍ෂක ජනයා බොහෝ වෙති. මෙය ගෝලීය කරණයේ උච්චතම අවස්ථාව ලෙස හැඳින්විය හැකියි. පාසල් අවදියේ සිට ළමයි ද කිසිදු වාරණයකින් තොරවම නූතන මාධ්‍ය පරිහරණය කරති. එ මගින් රැගෙන යන පණිවුඩය හොඳ හෝ නරක වේවා ඒ සියල්ල සමාජයට ඍජුවම බලපෑම් එල්ල කරයි. එයින් යහපත් ගතිගුණවලින් හෙබි, උගත් පරිපූර්ණ ළමා පරපුරක් බිහි කිරීමට දායක වන්නේ ද, නැතහොත් විශ්ව දැනුමෙන් පරිපෝෂණය වූ යහ ගුණයෙන් පිරිහී ගිය රසඥතාවකින් තොර ළමා පරපුරක් බිහි වන්නේ ද, එය ඔවුන්ගේ චින්තන ධාරාවට කොතෙක් දුරට බලපෑම් කරන්නේ ද යන්න පිළිබඳව ද සොයා බැලීම මෙම පර්යේෂණයේ දී සිදු කෙරිණ.
ගුවන්විදුලි ළමා ගීතය, රූපවාහිනියෙන් විකාශනය වූ ළමා ගීත, චිත්‍රපට සඳහා භාවිත ළමා ගීත ආදිය විමසා බලමින් ළමා ගීතයේ සහ සාහිත්‍යයේ ප්‍රවර්ධනයත් පරිහානියත් යුග කිහිපයක සිදු විය. අනෙකුත් සාහිත්‍යාංගවල දී මෙන්ම ළමා සාහිත්‍යයේ ද භාෂා භාවිතය සුවිශේෂී වූවකි. භාෂාවකින් තොරව සාහිත්‍යයක් පැවතිය නොහැකිය. නිර්මාණකරුවාගේ අනුභූතිය නිර්මාණාත්මකව ප්‍රතිනිර්මාණය කරන්නට ප්‍රබල වශයෙන් උපකාරී වන්නේ භාෂා මාධ්‍යයයි. භාෂා මාධ්‍යයේ ප්‍රබලතාව නිර්මාණයේ සාර්ථකත්වය කෙරෙහි බලපායි. මුල් යුගයේ ළමා සාහිත්‍යයේ භාෂාව සරල, සුගම විය. එය හොඳ සාහිත්‍ය නිර්මාණ බිහි කිරීමට අත්වැල් සපයන්නක් විය.
මුඵ ලොවම විශ්ව ගම්මානයක් බවට පත්ව ඇති වත්මන් ලෝකයේ ළමයා සිටින්නේ කවර ස්ථානයක දැයි ළමා සාහිත්‍යධරයා හඳුනාගත් විට ළමයාට උචිත වූ සාර්ථක නිර්මාණ බිහිකළ හැකියි. සාහිත්‍ය විචාරකයන් නිරන්තරයෙන් ඒ පිළිබඳව අවධාරණය කර ඇත්තේ ගුණාත්මක ළමා සාහිත්‍යයක් සඳහා එය ප්‍රබල වශයෙන් උපයෝගී වන නිසාය. ළමා සාහිත්‍යකරුවා ද මනා දැනුමකින් යුක්තව නූතන ළමා ලෝකය පිළිබඳව ලබා ගන්නා අවබෝධය නිර්මාණකරණය සඳහා වැදගත් වේ. 
නාලක ස්වර්ණතිලක, කුලරත්න ආරියවංශ, සෝමරත්න දිසානායක, අතුල රන්සිරිලාල් අමරසේන කංකානම්ගේ, එඞ්වඞ් ජයකොඩි වැනි ක්‍ෂෙත්‍රයේ ප්‍රවීණයන්ගේ අදහස් සැලකිල්ලට ගනිමින් නූතන මාධ්‍ය හමුවේ සිංහල ළමා සාහිත්‍යයට සහ ළමා ගීතයට යම් මෙහෙයක් ඉටු කිරීම සඳහා මෙම පර්යේෂණයෙන් ඉදිරිපත් කෙරෙන යෝජනා පහත සඳහන් පරිදි වේ.


චරිතා ප්‍රියදර්ශනී පීරිස්
SC/PG/MAMM/64
 

0 comments:

Post a Comment