Pages

Monday, August 28, 2017

නොසේදෙන කඳු හා ඔන්ලයින්




නොසේදෙන කඳු හා ඔන්ලයින්
දේශපාලනඥයින් හෝ පාර්ලිමේන්තුව විසින් සම්පාදනය කරනු ලබන පරිපාලන නීති රීති ක්‍රියාත්මක කරනු ලබන්නේ රාජ්‍ය සේවය මඟිනි.කලින් කලට ආණුඩු මාරු වුවත් රාජ්‍ය නිලධාරීන් එසේ මාරු වන ස්ථීර විධායකය බැවින් ඔටුවෝ යනෙන බවත්,කඳු නොසේදෙන බවත් දක්වමින් රාජ්‍ය සේවය හා රාජ්‍ය සේවකයා නොසේදී යන කන්දකට පැරැන්නන් උපමා කොට තිබේ.
          "ස්ථිර පදනමක් මත සේවයේ පිහිටුවන ලද ,සේවය වෙනුවෙන් ගෙවීම් කරනු ලබන  විශේෂ ප්‍රාගුණ්‍යයක් සහිත වෘත්තීමය නිලධාරීන්ගෙන් සමන්විත සේවාව සිවිල් සේවාවයි."
                                                                                       - හර්මන් ෆයිනර් -




මෙම ස්ථීර විධායකය දේශපාලන විධායකයේ කාර්ය භාරය පහසු කරලීම සඳහා නිතැතින්ම ක්‍රියාශීලී වන කණ්ඩායමයි.රජයේ එදිනෙදා කටයුතු ලෙස සැලකෙන බදු එකතු කිරීම,ගිණුම් විගණනය,අපරාධකරුවන් අත්අඩංගුවට ගැනීම,නීති ක්‍රියාත්මක කිරීම,කර්මාන්තශාලා පරීක්ෂා කිරීම,ආයතන පරිපාලනය කිරීම,තැපැල් බෙදාහැරීම යනාදී සකලවිධ කාරණා රාජ්‍ය සේවකයන් අතින් සිදුවේ.ඉහළ පෙළේ රාජ්‍ය සේවකයන් තමන් සතු විශේෂඥ දැනුම හා තොරතුරු සැපයීම තුළින් රාජ්‍ය ප්‍රතිපත්ති සම්පාදනය සඳහා දේශපාලන විධායකයට සහය වනු ලැබේ.
රූපවාහිනී,ගුවන් විදුලි හා පුවත්පත් මාධ්‍යයන්ගෙන් සැදුණු සංහතික මාධ්‍ය ක්‍රියාවලිය තුළ රාජ්‍ය සේවයේ  විතැන් වීම ඇතැම් අවස්ථාවල දක්නට ලැබුණි.
  • රජය මඟින් ජනතාවට ලබාදෙන තොරතුරු අඩංගු නිවේදන පත්‍රය රජයේ ගැසට් පත්‍රය ලෙස හැඳින්වෙන අතර බ්‍රිතාන්‍ය පාලන සමයේ නිකුත් කරනු ලැබූ ප්‍රථම   රජයේ ගැසට් පත්‍රය ලංකාවේ මුල්ම පුවත්පත ලෙස සැලකේ.
  • 1976 දී ලංකාවේ පැවැත්වූ නොබැඳි ජාතීන්ගේ සමුළුව මුල්වරට රූපවාහිනී         විකාශයක් ලෙස ප්‍රදර්ශනය විය.
                                                සංහතික මාධ්‍යයන්හි පැවැත්ම ඇතැම් විට රාජ්‍යයේ පැවැත්ම හා සමපාත වන බව විශේෂඥ මතයයි.සංහතික මාධ්‍ය රජයේ ආධිපත්‍යය දරන්නවුන්ගේ විශේෂ අභිලාෂයන් වලට ජනතා සහයෝගය සංවිධානය කිරීමද සිදුවේ.
                                                සංහතික මාධ්‍ය සම්බන්ධයෙන් එසේ වුවද නව මාධ්‍යයේ ආගමනයත් සමඟ රාජ්‍ය සේවය හා නව මාධ්‍ය අතර තිබුණේ දුරස්ථ සම්බන්ධතාවයකි.නුදුරු අතීතයේදී ශ්‍රී ලාංකේය රාජ්‍ය සේවකයා ලිපිගොනු හා ලඝු ලේඛනයෙන් මුදාගෙන පරිගණකය වෙත හුරු කරවීමට මහා වෙහෙසක් ගත් බව පූර්ව අත්දැකීමකි.එහෙත් තවමත් ප්‍රත්‍යක්ෂ ලෙස සම්ප්‍රදායික ලිපිගොනුව අතහැර පරිගණකගත ලිපිගොනු ක්‍රමයකට හුරුවීම රාජ්‍ය සේවකයාට නුහුරු දෙයක්ව පවතී.එවන් තත්වයක් තුළ රාජ්‍ය සේවකයා නව මාධ්‍ය භාවිතය හා සුසංයෝග කිරීම බෝධිසත්වයන්ගේ සාවුරුද්දක දුෂ්කර ක්‍රියා කාලයක් බඳු වුවද පවතින තාක්ෂණය හා වෙනස්වන ලෝකය හමුවේ එම අනුහුරු වීම අත්‍යවශ්‍ය සාධකයක්ව පවතී.
විශේෂයෙන්ම වර්තමාන තරුණ හා ළමා පරපුර නව මාධ්‍ය හා ජංගම දුරකථන තාක්ෂණයේ කෙළ පැමිණියෝ  වෙති.නුදුරු අනාගතයේදීම හා මේ වන විටත් රාජ්‍ය සේවයේ  සක්‍රීයතම ගනුදෙනුකාර භවතුන් වන්නේ ඔවුන්ය.රාජ්‍ය ආයතන තුළට පැමිණ පැය ගණන් වෙහෙස වී ඉල්ලුම්පත්‍ර පුරවා , මුදල් බැඳ ලදුපත් රැගෙන එය තවත් තැනකට ඉදිරිපත් කොට අදාළ කාර්යය ඉටු කරවා ගැනිමට ඉහත  කාර්යබහුල පරපුර කිසිසේත් කැමති නොවනු ඇත.වර්තමාන තාක්ෂණ ලෝකයේ දියුණුව දැක තිබෙන හා අත්දැක තිබෙන ඔවුන්හට එම සාම්ප්‍රදායික කච්චේරි ක්‍රමයට එහාගිය දියුණු ක්‍රමවේද නව මාධ්‍ය ඇසුරු කර ගනිමින් ඇති කරලීමට රාජ්‍ය සේවයට සිදුව තිබේ.පෞද්ගලික අංශයේ විවිධ ආයතන ,විශේෂයෙන් බැංකු හා රක්ෂණ සමාගම් මාර්ගගතව ගෙවීම් ( online payments) කිරීම දක්වාම නව මාධ්‍යය හා අනුහුරු වී පවතින අතර පෞද්ගලික අංශයේ සේවා ලබාගන්නා පාරිභෝගිකයා ඒවායේ ක්ෂණික හා කාර්යක්ෂම බව දැක නිතැතින්ම එම සේවාව රාජ්‍ය සේවාව හා සංසන්දනයට පෙළඹෙන බැවින් රාජ්‍ය සේවයට නව මාධ්‍ය හා මුසුවීම අනිවාර්ය වී ඇත්තේය.


 ඇතැම් රාජ්‍ය ආයතන මේ තත්වය මනාව තේරුම්ගෙන සිය සේවාවන් මුළුමනින්ම පාහේ මාර්ගගතව (online) සකස් කරමින් හා සකස් කරගෙන සිටී.

http://eservices.motortraffic.gov.lk/VehicleInfo/home 

උදා:-  රාජ්‍ය සේවක වැටුප් ගෙවීම සඳහා S I G A S මෘදුකාංගය
          පළාත් පාලන ආයතනවල වරිපනම් ගෙවීම සඳහා Thibus මෘදුකාංගය
කෙසේ නමුදු සමස්තයක් වශයෙන් ගත්කළ රාජ්‍ය සේවය නව මාධ්‍ය භාවිතයට ගැනීම අතින්නම් සිටිනුයේ සතුටුදායක තත්වයක නොවේ.බොහෝ රාජ්‍ය ආයතනවලට වෙබ් අඩවියක් තිබුණද බොහෝ ඒවා  ආරම්භක දිනයේ සිට මෙි දක්වා යාවත්කාලීන කොට නැත.එබැවින් වෙනස්වන ලෝකය සමාන වෙනසක් වීම අත්‍යාවශ්‍යය.අනෙක් අතට අද සෑම අයෙකු අතම ජංගම දුරකථනයක් පවතී.රාජ්‍ය සේවයේ දුර්වලතා හා අඩුපාඩු වීඩීයෝ හා ඡායාරූප සමඟින් සමාජ ජාලවල පැතිරීමට යන්නේ එක් මොහොතක් පමණි.එබැවින් කාර්යක්ෂම අයුරින් සේවා සැපයීමට නම් නව මාධ්‍ය හා මුසුවීම රාජ්‍ය සේවයට අත්‍යාවශ්‍ය කරුණක්ව පවතී.මහජනයා දැකගත යුතු වැදගත් තොරතුරු දැනුම්දෙන නිල ක්‍රමවේදයේ ගැසට් පත්‍රය වුවද ,වර්තමානයේ එය වඩා ඵලදායී වන්නේ ෆේස්බුක් හා ට්විටර් සමාජ ජාලවල පළවුවහොත්ය.එබැවින් එවැනි ගිණුම් රාජ්‍ය ආයතන විසින් පවත්වාගෙන යා යුතු කාලය එළඹ ඇත.එමෙන්ම තොරතුරු දැනගැනීමේ පනත යටතේ මහජනයාට රාජ්‍ය තොරතුරු වෙත ප්‍රවිශ්ට වීමේ අයිතිය නිල වශයෙන් පිරිනැමී තිබේ.වෙබ් අඩවිය හරහා අදාළ තොරතුරු උත්පතනය(Up load)  කර තිබුණහොත් මහජනයා ඉදිරිපත් කරන තොරතුරු ඉල්ලුම් පත්‍ර වලට පිළිතුරු ලබාදීම සඳහා දින 14ක් හෝ දින 21ක් කාර්යාලයේ අනෙකුත් රාජකාරී කටයුතු පසෙක දමා වෙහෙසීමට තොරතුරු නිලධාරීයාට අවශ්‍ය නොවේ.එම තොරතුරු වෙබ් අඩවියෙන් ලබාගන්නා ලෙස දැනුම්දීමට ආයතනයට හැකියාව ලැබේ.
                   එබැවින් කාර්යක්ෂමව හා ඵලදායී රාජ්‍ය සේවාවක් ඉදිරියටම පවත්වාගෙන යාමට නම් රාජ්‍ය සේවය හා නව මාධ්‍ය අතර මනා සුසංයෝගයක් පැවතිය යුතු බව නම් තහවුරු වේ.


                                                                             එස්.ඩී.තෙවරප්පෙරුම
                                                                             SC/MAMM/2016/2017/02

ආශ්‍රේය :-
     1.   ගමගේ ඒ.එච්,(2011 සැප්තැම්බර්) .පරිපාලනය සඳහා නීතිය , කර්තෘ ප්‍රකාශන
     2.   පරණවිතාන කරු ,(2008).සිව්වෙනි ආණ්ඩුවේ දේශපාලනය,පුංචි බොරැල්ල ග්‍රන්ථ කේන්ද්‍රය
     3.   https://www.statistics.gov.lk


Friday, August 25, 2017


කුණු ප‍්‍රශ්නය හා කුණු නොවන On line මතවාදය


      මෙවර මැයි දිනයට පසු දිනයේත් සුපුරුදු පරිදි සම්ප‍්‍රදායික මාධ්‍ය මෙන්ම සමාජ මාධ්‍ය වල ද පළමු තැන ලැබෙන්නේ තම පක්ෂයට වැඩිම සෙනග ප‍්‍රමාණයක් පැමිණි බවට ඒ ඒ පක්ෂයන් හි හෙංචයියලා සිදු කරන පම්පෝරි සඳහායි. එයට පමණක් දෙවැන වෙමින් රැුලිය පැවති ප‍්‍රදේශයේ අඩුවෙන්ම කුණු දමා ලකුණු දමා ගැනීමේ ප‍්‍රවණතාවක් ද ඇති වෙමින් පවතී. ඒ අතර පසුගිය වසරේ මැයි දිනය දා face book හරහා සංවිධානය වී සිදු කල කුණු ඉවත් කිරීමේ කි‍්‍රයාවක් පිළිබඳ Lanka e news වෙබ් අඩවිය වාර්තා කර තිබුණි.
http://www.lankaenews.com/news/3943/si
       මේ වනාහි සමාජ මාධ්‍ය තුළ පුරවැසි මාධ්‍යකරණය කි‍්‍රයාත්මක වන ආකාරය අගය කළ යුතු තත්වයකි. රටේ වැඩිපුර සෙන`ග එක් රැුස්වූ සිරි පා වන්දනා සමය, නුවරඑළිය වසන්ත සමය මෙන්ම නුදුරේදීම පැවති දළදා පෙරහැර පිළිබඳ පසු කතා බහ වැඩිපුරම ඇති වූයේ කුණු ප‍්‍රශ්නය සම්බන්ධයෙනි. මීතොටමුල්ල කුණු කන්ද ප‍්‍රශ්නය අවස්ථාවේදී ප‍්‍රබල ම දේශපාලන කුණු කතා එලියට ඇද දැම්මේ සමාජ මාධ්‍ය බව නොරහසකි.

 
   ලාංකේය සමාජය තුළ අප ද්‍රව්‍ය බැහැර කිරීමේ නිවැරදි ප‍්‍රතිපත්තීන් හෝ ක‍්‍රමවේදයන් නොතිබීම පිළිබඳව කතා බහ විවිධ සමාජ මාධ්‍ය ඔස්සේ කලකට පෙර සිටම කතා බහට ලක් වේ. මා හිතවත් හෙන්රි වර්ණකුලසූරිය තම blog එක හරහා ඔස්ටේ‍්‍රලියාවේ තත්වයන් උදාහරණයට දක්වමින් තොරතුරු දක්වා තිබුණි.

රසික සූරියආරච්චි කුණු ප‍්‍රශ්නය සම්බන්ධයෙන් විවේචනාත්මකව තැබූ blog සටහන් කිහිපයක්ම ඇත.
https://rasikalogy.blogspot.com/2015/06/local-rubbish.html
http://rasikalogy.blogspot.com/2015/06/blog-post.html

බොහොමයක් blogs වල ලංකාවේ කුණු සම්බන්ධයෙන් පල වූ එක් රචනාවක් හෝ දක්නට ලැබේ.

 
අද වන විට සමාජයේ සාමාන්‍ය භාවිතාවක් බවට පත්වෙමින් පවතින කුණු වර්ග කිරීමේ අවශ්‍යතාව සමාජ මාධ්‍ය ඔස්සේ කතිකාවට ලක් වූ ප‍්‍රධාන කාරණාවකි. 
    ලංකාවේ මිනිසුන් බෙහොමයක් දෙනා අතේ Smart Phone තිබුනත් ඔවුන් බහුතරයකගේ ගේ මොළය Smart නැති බව තැන් තැන් වල කුණු දැමීම තුළින් පෙනෙන්නේ යයි මාධ්‍යවේදීන් අතරින් සමාජ ජාලාවන් සම්බන්ධව Pioneer කෙනෙකු වන නාරද බක්මීවැව ITN Fm ඔස්සේ ප‍්‍රකාශ කරනු මට ඇසුනි. එසේම ලංකාවේ කොහේ හෝ තැනක කුණු දමන්නේ නම් එම තොරතුරු Video ද සහිතව Upload කළ හැකි රාජ්‍ය යාන්ත‍්‍රණයක් ද තිබෙන බව ඔහු තව දුරටත් ප‍්‍රකාශ කලේය. 
    කෙසේ හෝ වේවා බොහොමයක් සමාජ ප‍්‍රශ්න හා ගැටළු සමාජ මාධ්‍ය හේතුවෙන් කුණු වෙන තත්වයන් තුළ රටේ කුණු ප‍්‍රශ්නයට එසැන ප්‍රතිචාර දක්වමින්, තව දුරටත් කුණු නොකිරීමට සමාජ මාධ්‍ය සැලකිය යුතු කාර්යභාරයක් සිදු කරනු පෙනේ.

 
 
සමන් කාරියවසම්
SC/PG/MM/2016/2017/13