Pages

Monday, July 8, 2019

නව මාධ්‍ය තුළ පුද්ගල වටිනාකම

අද්‍යතන මාධ්‍ය ක‍්‍රියාකාරිත්වය තුළ නව මාධ්‍ය (New Media) ක‍්‍රියාකාරිත්වය ඉතා සංකීර්ණ මෙන්ම ඉතා ක්ෂූක්ෂමව ක‍්‍රියාත්මක වේ. විද්‍යුත් මාධ්‍ය නව මාධ්‍ය සම`ග අභිසාරීගත වීම (Media Convergence) තුළ මාධ්‍ය විවිධ පරිගත (Platforms) ඔස්සේ ඒවාට ආවේනික ගති ලක්ෂණ උරුමකර ගනිමින් ප‍්‍රසාරණය වීම දක්නට ලැබේ. මාධ්‍ය නව මාධ්‍ය තුළට අභිසාරී වූ විට නව මාධ්‍යයේ පවතින ගුණාංග ද එයට හිමිවන අතර එහිදී විවිධ මාධ්‍යයන්ට පවතින ආවේනික ගුණාංග තව දුරටත් වලංගු නොවන තත්ත්වයකට පත් වේ.



     අද්‍යතන නව මාධ්‍ය ක‍්‍රියාකාරිත්වය වානිජමය දෘෂ්ටි කෝණයෙන් ගත්විට එය උපරි නව මාධ්‍ය ප‍්‍රපංචයක් (Super New Media Phenomena) ලෙස හැඳින්විය හැක. එනම් සියලූම ක‍්‍රියාකාරකම් ඉතා සූක්ෂම ලෙස සැළසුම්කර ව්‍යාපාරික අභිමතාර්ථ ඉටුවන ලෙස ක‍්‍රියාත්මක කිරීම ලෙස හඳුනාගත හැකි වේ.
    21 වන ශතවර්ෂයේ දෙවන දශකයේ දී කුමන හෝ ආකාරයකින් නව මාධ්‍ය භාවිත කරන පුද්ගලයා විවිධාකාර අංශ යටතේ වානිජමය වටිනාකමක් හිමි පුද්ගයෙකු බවට පත්ව ඇත. එය සංකීර්ණ වන්නේ කිසියම් නව මාධ්‍ය ක‍්‍රියාකාරකමකට අදාළ පාර්ශවයන්ට මෙන්ම ඊට අදාළ නොවන තෙවන පාර්ශවයකට ද එම පුද්ගලයා වානිජමය වශයෙන් වටිනාකමක් ඇති පුද්ගලයෙකු වීමය. උදාහරණයක් ලෙස පුද්ගලයෙක් විද්‍යුත් ලිපිනයක් පවත්වාගෙන යන්නේ නම් එම ක‍්‍රියාකාරිත්වය එම පුද්ගලයාට සහ සේවාව සපයන්නාට මෙන්ම එම ක‍්‍රියාවලියට කිසිදු අදාළත්වයක් නොමැති වෙනත් පාර්ශවයකට එම ක‍්‍රියාකාරිත්වය වැදගත් වීම දැක්විය හැකි වේ. එනම් පුද්ගල හැසිරීම පිළිබඳ නිරීක්ෂණය කරන්නා වූ තෙවැනි පාර්ශවයකට එම පුද්ගලයා වටිනාකමකින් යුක්ත වේ. එහි වටිනාකම වැඩි වන්නේ ඉතා පහසුවෙන් සහ ක්ෂණයකින් වැදගත් කරුණු ලබා ගනිමින් ඒවා විශ්ලේෂණය කළ හැකි වීමත් එම ක‍්‍රියාකාරකම් ලූහු බැඳීම (Tracking)  සිදු කළ හැකි වීමත් ය.
    ඇතැම් විට මෙම ක‍්‍රියාවලියේ සත්‍යතාවය කිසියම් පුද්ගලයෙක් ප‍්‍රශ්න කළ හැකි අතර පිළිතුර වන්නේ සත්‍ය වශයෙන්ම මෙය සිදුවන බවත් ඇතැම් විට සේවා සපයන්නා විසින් පුද්ගල ක‍්‍රියාකාරකම් තෙවැනි පාර්ශවයක් වෙත අළෙවි කිරීම සිදුවන බවත් ය.
    නව මාධ්‍ය තුළ සිදු කරනු ලබන සියලූම ක‍්‍රියාකාරකම් පිළිබඳ තොරතුරු ඉතා පහසුවෙන් ලබාගත හැකි වීමත් එම ක‍්‍රියාකාරකම් ලූහු බැඳීමත් ඉතා සාමාන්‍ය ක‍්‍රියාවලියක්වන අතර ඒ සඳහා විවිධ ආයතන විවිධ මෙවලම් සහ මෘදුකාංග භාවිත කරනු ලබයි.
    නව මාධ්‍ය ඔස්සේ සිදු කරනු ලබන වෙළඳ දැන්වීම්කරණ ක‍්‍රියාවලිය තුළ දී ඉලක්කගත පුද්ගලයින් හඳුනාගැනීමත් ඔවුන් විවිධ නව මාධ්‍ය භාවිතයන් තුළ හැසිරෙන ආකාරයත් සියුම්ව අධ්‍යයනය කිරීම තුළ ඔවුන්ගේ පාරිභෝගික මානසික තත්ත්වයන් සහ රටා පිළිබඳ නි`ගමනවලට එළඹීමට හැකියාව ඇති අතර ඒ ම`ගින් භාණ්ඩ හා සේවා නිවැරදිව ස්ථානගත කිරීමේ (Positioning) හැකියාව පවතී. ඇතැම් අවස්ථාවල දී වෙළඳ දැන්වීමට අවධානය යොමු වූ පුද්ගලයින් පිරිස මත වෙළඳ දැන්වීම ප‍්‍රචාරය කළ ආයතනය තම සේවා ලාභියාගෙන් මුදල් අය කරනු ලබයි. යූටියුබ් (Youtube) වෙබ් අඩවිය තුළ දී මෙසේ අදාළ වීඩියෝව තත්පර 30 කට වඩා නැරඹූ පිරිස වෙනුවෙන් මුදල් ගෙවීමේ ක‍්‍රමයක් පවතින අතර එයට අමතරව යූටියුබ් තුළ දී විශාල පරාසයක පැතිරුණු විවිධ ප‍්‍රචාරක පහසුකම් ලබාගත හැකි වේ. මෙවන් අවස්ථාවල එක් පුද්ගලයෙකුට වටිනාකමක් හිමිවීම දක්නට ලැබේ.
    ඇතැම් වෙළඳ දැන්වීම් ප‍්‍රචාරණ ආයතන වෙළඳ දැන්වීම නැරඹීම වෙනුවෙන් එය නරඹන පුද්ගලයාට ගෙවීමක් සිදු කරනු ලබයි. නව මාධ්‍ය තුළ දැවැන්ත ලෙස සිදුවන ව්‍යාපාරයක්වන මෙය විවිධාකාරයෙන් සිදු වේ. ඇඞ් ක්ලිකින් (Ad Clicking) යනු එක් ආකාරයක්වන අතර බොහෝ පුද්ගලයින් මෙය සත ගණනක් ලැබෙන කාලය කා දැමීමක් ලෙස හැඳින්වුව ද පිරමීඩ ආකෘතියක් අනුව සිදුවන මෙම ක‍්‍රියාවලිය තුළ දී එක් පුද්ගලයෙකු හරහා එම ක‍්‍රියාවලියට එක් වූ පුද්ගලයින්ගේ සක‍්‍රීයභාවය මත සහ දිගු කාලීනව එහි නියැලීමෙන් වැඩි ආදායමක් ලබා ගන්නා පුද්ගලයින් ද දක්නට ලැබේ.
     සමාජ මාධ්‍ය  තුළ දී පුද්ගලයින් සිදු කරනු ලබන සියලූම ක‍්‍රීයාකාරකම් අති සූක්ෂම ලෙස නිරීක්ෂණය කිරීමත් ඒවා ලූහු බැඳීමත් එම දත්ත විවිධ වානිජමය ක‍්‍රියාකාරකම් වෙනුවෙන් අළෙවි කිරීමත් සිදුවන විට සමාජ මාධ්‍ය නොමිලයේ භාවිත කරන්නා වූ පුද්ගලයින්ගෙන් අති බහුතරය තමන්ට ඉතා විශාල වටිනාකමක් හිමිව ඇති බව නොදන්නේ මෙහි ඇති සංකීර්ණතාවය සහ එය රහසේ සිදු වීමත් නිසා ය.
     මෙම ලිපිය වානිජමය දෘෂ්ටිකෝණයෙන් නව මාධ්‍ය හැසිරීම සහ පාරිභෝගික ක‍්‍රියාකාරිත්වය පිළිබඳව ප‍්‍රවේශයක් වේ.

K.D.M.K. Dissanayaka
SC/MAMM/2018/2019/18

0 comments:

Post a Comment