Pages

Monday, June 10, 2019

නව මාධ්‍ය පඨීතයන් සබැඳි ත්‍රිමාණික අතථ්‍යාසන්න යථාර්තය .......(New Media Text and 3D, Virtual Reality.)


අද්‍යතනය වන විට නව මාධ්‍ය පඨීතයන් සඳහා  අන්තර්ගතයන් නිර්මාණය කිරීමේදී එහි නව ප්‍රවනතාවන්  සඳහා අවධානය යොමු කිරීම වැදගත් වේ.පැරණි මාධ්‍යන් හී පැවති දුර්වලතාවන් නව මාධ්‍යන් හී  දක්නට නොමැත.එනම් පඨීතයන් නැරබීමේදී අද්‍යතනය වන විට  එය වඩාත්  අන්තර්ක්‍රියාකාරිත්වයකින් යුක්තව නැරබීමේ හැකියාව, ප්‍රතිචාර  දැක්වීමේ හැකියාව නව මාධ්‍ය තුළ ගැබ්ව ඇත.

3D Visualization
           Facebook වැනි සමාජ ජාලා වෙබ් අඩවි අද්‍යතනය වන විට සිය ප්‍රදර්ශනයන් (POST) දිරිපත් කිරීම සදහා ග්‍රාහකයන් සහ සන්නිවේදකයන් හට ත්‍රිමාණ තාක්ෂණය උපයෝගී කර ගැනීමේ අවස්ථාව උදාකර දී ඇත. එනම්, ත්‍රිමාණිකව සකස් කරන ලද 3mb පමණ වන ත්‍රිමාණ අනුරුවක් Facebook වැනි සමාජ ජාලා වෙබ් අඩවියක් මගින් ප්‍රදර්ශනය කිරීම තුළින් ලබාදෙන පණිවිඩය අන්තර් ක්‍රියාකාරීත්වයකින් යුත් පණිවිඩයක් ලෙස ලබා දීමේ හැකියාව අද්‍යතනය වන විට උදාවී ඇත. එනම්, ග්‍රාහකයන් හට එම ත්‍රිමාණ අනුරුව පරිනාමනය කිරීම මගින් එනම්, කැරකැවීම, ස්ථානීය වෙනස්කම් කිරීම මගින් එම පඨීතයේ ඇති ආකර්ශණීය බව දියුණු කිරීමේ හැකියාව උදාවී ඇත. එමගින් නව මාධ්‍ය පඨීතයන් මෙන්ම නව මාධ්‍ය ඉලෙක්ට්‍රෝණික වෙළදාම් ශ්‍රේත්‍රයටද මෙම තාක්ෂණික  නව සොයා ගැනීම මනා පිටුවහලක් වේ. එනම්, ඕනෑම භාණ්ඩයක් හෝ සේවාවක් අන්තර් ක්‍රියාකාරීත්වයකින් යුක්තව, සජීවීව, සමීපව සහ සවිස්තරාත්මකව නැරබීමේ හැකියාව මගිනි.







Instant 3D Photography

           එමෙන්ම, සමාජ ජාලා වෙබ් අඩවියන් හි ඇති තවත් නව ප්‍රවනතාවක් වනුයේ සුහුරු (Smart)  දුරකථන හි ඇති කැමරා ද්විත්වයක් භාවිත කොට එක්වර ජායාරූප ද්විත්වයක් ලබා ගැනීම මගින් නිපදවා ගනු ලබන Depth map ජායාරූපයක් මගින් සන්නිවේදකයන් හට සිය ප්‍රදර්ශනයන් ත්‍රිමාණව ප්‍රදර්ශනය කිරීමේ හැකියාවයි. 
එමගින් ග්‍රාහකයන් හට ප්‍රදර්ශනයන් වඩාත් සමීපතවත් සහ ගවේශණශීලීවත් නැරබීමේ හැකියාව අනාගතයේදී උදාවනු ඇත. 









          අතථ්‍යාසන්න යථාර්තය එසේත් නොමැති නම් VR - Virtual reality තාක්ෂණය ග්‍රාහකයන්ට ලගා කර දීම මෙහි මුඛය පරමාර්ථය වේ. මෙම නව මාධ්‍ය ත්‍රිමාණික නව ප්‍රවනතාවන් ද්විත්වයම මගින් මාධ්‍ය පඨීත නිර්මාණය ආකර්ශණීත්වය, සමීප සහ ගවේශණ ශීලීව නැරබීමේ හැකියාව මෙහි ඇති සුවිශෙෂී ලක්ෂණයක්  බවට පෙනී යයි. 




Neil Cooray

SC/MAMM/2018/2019/19
Masters in Mass Media Studies 2018/2019 

0 comments:

Post a Comment