Pages

Thursday, August 17, 2017

  නව මාධ්‍යයට  බිලි වු  කියවීම


සමාජ මාධ්‍ය තමයි  අලුත් මාධ්‍ය ප්‍රවනතාව, අලුත් යථාර්ථය,  ලොව සිදුවු තාක්ෂණික  විපර්යාසයන්  අතර  නව මාධ්‍ය බිහිවිම තරම් සුවිශේෂි වු වැදගත් සිදුවිමක්  නොමැති  තරම්ය. මිනිසාගේ මුලික අවශ්‍යතාවයන්  තරමටම නව මාධ්‍යය වැදගත් බව මේවන විට  සමාජයට පසක් වී ඇත.

නව මාධ්‍ය බිහි වන්නේ  දිර්ඝ ඉතිහාසයක් සහිත පසුබිමක බව ජනමාධ්‍ය අධ්‍යනය තුළ මනාව පැහැදිලි වේ. එනම් 1450දි  ආරම්භ වන මුද්‍රිත මධ්‍ය තුළින් සන්නිවේදනය ප්‍රචලිත වන අතර එය 19 වන සියවස වන විට ජනමාධය දක්වා ව්‍යාප්ත විමත් 21 වන සියවස වන විට නව මාධ්‍ය ලෙස ලොව පුරා  අලුත් මාධ්‍ය ප්‍රවනතාවක්  වර්ධනයවීමත් සිදුවි ඇත. මේ ආකාරයට මීට දශක තුනකට  පමණ  ඉහතදි  සමාජගත වන නව මාධ්‍ය ඊටම අන්‍යය වු  ගති ලක්ෂණ රාශියක්  සහිතව  සමාජයේ අති ප්‍රබල මාධ්‍යයක් ලෙස ප්‍රචලිතව ඇත. 
 නවීන තොරතුරු මාධ්‍ය තවත් දියුණු වීමත් සමග වඩාත් පහසුවෙන් අතේ ගෙන යා හැකි (Portable) මාධයක් වීමය. ජංගම දුරකථනය එහි මුල් අරමුණ වූ දුරකථන කටයුත්තට අමතරව තොරතුරු උකහා ගන්නා මාධ්‍යයක්‌ ලෙස ද පරිණාමය වී තිබේ. මීට අමතරව ටැබ් (tab) පරිගණක හා ඉලෙක්‌ට්‍රොනික පොත් කියවන (e-book readers) කියවීමේ තොරතුරු ලබා දීමේ මාධ්‍ය ලෙසට විශේෂණය වී ඇත.

වෙබ් අඩවි තොරතුරු මාධ්‍යයක්‌ ලෙස දැක්‌වුව දපොත් වැනි කියවීමේ මාධ්‍යයක්‌ ලෙස එය සෘජු ව හඳුන්වා දීමේ හැකියාවක්‌ නැත. වෙබ් අඩවි තුළ තොරතුරු සොයන්නෝ දිගින් දිගට කියවනවාට (read) වඩාඋඩින් පල්ලෙන් කියවා අවශ්‍යම තොරතුරු උකහා ගැනීමට උනන්දු වෙති. මෙවැනි තත්වයක් යටතේ මිනිසා සැමවිටම පොත පත කියවිමෙන්  
 


ඈත්විම සුළභ කරුණක් වෙමින් පවති. එයට ප්‍රධාන තම හේතු වී ඇත්තේ නව තාක්ෂණයේ බලපැමයි. එදා කුඩා දරුවා තම අච්චි සියා සහ ගෙදර වැඩිහිටියා  සමග  එකතුවි තම ක්‍රියාකාරම් වල නියැලුණත් අදවන විට එම ස්ථානයට හිමිකම් කියන්ගේ  පරිඝණකය,දුරකථනය,වැනි නව මාධ්‍ය උපකරණයි. එය පවුල නැමැති කුටුම්භයේ සිටම සමස්ථ සමාජයටම විශාල  බලපෑමක් සිදු කර ඇත.
ඒ නිසාම සිතීම කරදරයක්‌ කරගත් මිනිසා ඒ අවස්‌ථාවේ දී ඔහු වෙනත් සබැඳියක්‌ මත ක්‌ලික්‌කරයි. ක්‌ලික්‌ කිරීම සිතීමට වඩා පහසු ය. මේ නිසා මිනිසා -බොහෝ දෑ, ටිකක්‌ දත් නොගැඹුරු කියවන්නන් බවට පත් ව සිටිමු.එනම් මේවන විට කුඩා දරුවාගේ සිට
ඉලෙක්‌ට්‍රොනික යුගයේ කියවීමේ පිළිබඳව අදහස්‌ දක්‌වන ස්‌වෙන් බර්කර්ට්‌ස්‌ එය මනාව පැහැදිලි කර ඇත. ඒ අනුව වර්තමානයේ කියවීමයනු ගිනි නිවීමේ බටයකින් වතුර බොනවා හා සමාන වූ ක්‍රියාවලියකි. නැතහොත් ලුණු කැටයක්‌ ඉල්ලූ විට ලුණු වතුර බාල්දියක්‌ ලැබීම වැනිය.  
ඉලෙක්‌ට්‍රොනික මාධ්‍යයන්හි පැතිරීමට හේතු වූ ප්‍රධාන කාරණය වූයේ ඒවායේ නිෂ්පාදන වියදම අවම වීම ය. පරිගණකය පෞද්ගලික වීමත් සමග, ලේඛනයක්‌ නිර්මාණය කිරීම ඉතා පහසු කාර්යයක්‌ බවට පත් විය. තනි පුද්ගලයා ලේඛකයා මෙන් ම ප්‍රකාශකයා බවට ද පහසුවෙන් පත් වීමේ හැකියාව අද තිබේ. එසේ ම, තම ප්‍රකාශන මාධ්‍යය ලෙස වැඩි වශයෙන් අන්තර්ජාලය භාවිත කරන්නට ප්‍රකාශකයෝ ද යොමු වෙති. එහි දී මුදල් වියදම් වන්නේ එහි ආරක්‌ෂාව තහවුරු කිරීම වැනි කරුණු සඳහා ය.  නව තොරතුරු මාධ්‍යවලින් බහුල ව ඉදිරිපත් කෙරෙන්නේ නව දැනුම ය. පැරැණි දැනුම තවමත් බොහෝ දුරට ඇත්තේ මුද්‍රිත හෝ මුද්‍රිත නො වන මුලාශ්‍රවල ය.

ස්‌වෙන් බර්කර්ට්‌ස්‌ මෙය වඩාත් සිත් ගන්නාසුලු ආකාරයෙන් ඉදිරිපත් කරයි. අපේ සංස්‌කෘතිය තුළ ප්‍රවේශය (access) ගැටලුවක්‌ නො වේ. එහෙත් ප්‍රගුණනය ගැටලුවකි. එසේ ම මුල් කාලයට වඩා කියවීමේ කාර්යය ද වෙනසකට ලක්‌ වී ඇත. ලේඛනවල සත්‍ය අසත්‍ය  භාවය, එසේ ම භීතියට පත් ව, එකිනෙක අතර පවතින වෙනෙස හඳුනා ගැනීමට ද අසමත් වන පාඨකයා, මූලාශ්‍ර මතුපිටින් අත ගා බැලීමට පෙලඹෙයි. උඩින් කියවයි. කඩිනම කෙතෙක්‌ ද යත් වදන්වල අරුත් තම මනසෙහි  තැම්පත් වන්නට ද ඉසකඩක් ලබා නොදෙති.එහි ප්‍රතිඵලය ලෙස, අපි අපේ මුල් පරම්පරාවන්ට වඩා බොහෝ වැදගත් මෙන් ම නොවැදගත් තොරතුරු මාත්‍ර රාසියක්‌ දනිමු.   

පරිශිලන ග්‍රන්ථ
සන්නිවේදන ප්‍රවනතාව  - ආරියරත්න  ඇතුගල
ජනමාධ්‍ය හා සංස්කෘතිය - රාවය ප්‍රකාශනයක්
  • ජයමිණි ඉලේපෙරුම  
  • SC/PG/MAMM/ 2016 /14

0 comments:

Post a Comment