Pages

Saturday, August 19, 2017

සුහුරු ලෝකයකට සුහුරු තාක්ෂණය




දිනෙන් දින දියුණුවන තාක්ෂණයත් සමග ලෝකය නව ප්‍රවණතා රැසක් සමග ඉදිරියට යමින් පවතියි. පුද්ගලයෙකුට තව දුරටත් සබඳතා  වලින් මිදී තනි පුද්ගලයෙකු ලෙස ලෝකයෙන් සැඟවී සිටීමට නොහැකි තරම්ය. ආතර් සී ක්ලාක් මහතා හඳුන්වා දුන් රැහැන් රහිත ජාල සබඳතා (wireless  Network connection ) තුලින් සැටලයිට් සංස්කෘතියකට (Satellite Culture) ලෝකයම නතු වී හමාරය. මාෂල් මැක්ලුහන්ගේ විශ්ව ගම්මාන (Global Village) සංකල්පය කල එලි දකින්නේ ද මේ රැහැන් රහිත ජල සබඳතා නිසාවෙනි.


ලෝකයේ ඕනෑම තැනක සිදුවන සිදුවිමක් ලෝකයේ ඕනෑම අයෙකුට එසැනින් දැක බලා ගැනීමට හැකි වන්නේ සන්නිවේදනය සඳහා තාක්ෂණයේ වර්ධනය ධනාත්මකව බලපෑම නිසාවෙනි.
ඉතා සිඝ්‍රයෙන් දියුණුවන ලොව තාක්ෂණික වෙනස්වීම් හමුවේ අපට පමණක් හුදෙකලා වී සිටිය නොහැකි තරමට අප ජාලගත වී අවසන්.  ආර්ථික, සාමාජික හා දේශපාලන, කාරණා පමණක් නොව අපගේ චර්යා රටාවන් කෙරෙහිද  බලපෑම් කිරීමට තරම් එම තාක්ෂණික දියණුව බලපා  තිබෙන බව නොරහසකි.
එහෙත් සැබෑවටම සිදුවිය යුත්තේ එවැනි තාක්ෂණික දියුණුවක් මගින් මිනිසාගේ ජීවන මට්ටම ඉහලට ඔසවාලීමයි.

ඒ සඳහා සුහුරු තාක්ෂණය (Smart Technology)  කදිම ප්‍රවේශයක් වේ.


වෙනත් කෙනෙකුගේ ආධාරයක් නොමැතිව පරිගණකයක්  දුරකතනයක් මගින් යමක් කර ගත හැකි ආකාරයට තාක්ෂණික සැකසීමක් සුහුරු තාක්ෂණය යන්නට  අර්ථ ගැන්වේ.

අද මේ සුහුරු තාක්ෂණය යොදා ගැනෙන ස්මාර්ට් ෆෝන් (smart phone ) වලින් අපේ රටේ වැඩි වශයෙන් සිදු කෙරෙන face book වැනි සමාජ වෙබ් අඩවි ,  ගිණුම් සදහා යොමු වෙනවා වෙනුවට ලෝකය ජය ගන්න තාක්ෂණය භාවිත කළහැකි ආකාර බොහෝ වේ.


  • *             සමස්ථ රාජ්‍ය අංශයේ කාර්යන් ශක්තිමත් කිරීමට තාක්ෂණය භාවිතය




රාජ්‍ය අංශයේ මුදල් වැය කරන ප්‍රසම්පාදන ක්‍රියාවලියට  සුහුරු තාක්ෂණය භාවිත කල හැක. මෙමගින් සෑම ආයතනයකටම ටෙන්ඩර් කැදවීම, බඩු මිලදී ගැනීම  මෙන්ම මානව  සම්පත් කළමනාකරණය , මුල්‍ය කළමනාකරණය වගේම මහජන සේවා පවත්වා ගෙන යාමේදී online ක්‍රමවේදය ක්‍රියාත්මක කිරීමේ හැකියාව පවතී.


  • *       කර්මාන්ත ක්ෂේත්‍රයේ වර්ධනයට තාක්ෂණය භාවිතය


කාර්මික අංශයේ තාක්ෂණය භාවිතය

ධීවර කර්මාන්තයෙහි  නියෙලෙන පුද්ගලයන්ට, කෘෂි කර්මාන්තයේ නියැලෙන ගොවියෙකුට ඉදිරි කාලගුණය , නිෂ්පාදන මිල , ආර්ථික මධ්‍යස්ථාන සහ වගා  රෝග යනාදිය පිළිබඳ තොරතුරු ලබා ගැනීමට smart phone වටා ඒකරාශී විය හැක.


පරිගණක තාක්ෂණයෙහි නියෙලෙන කර්මාන්ත ක්ෂේත්‍රය තුල තාක්ෂණය භාවිතය 



මෘදුකාංග software සැකසීම හා වෙනත් රටවලට මෘදුකාංග අලෙවිය වෙනි නව වෙළඳපොළවල් නිර්මාණය කරගැනීම  සදහා   සුහුරු තාක්ෂණය භාවිත කල හැක.

  • *       බැංකු ක්ෂේත්‍රය තුල තාක්ෂණය භාවිතය



online ගෙවීම් පද්ධති , මහජන සම්බන්ධතා , නිෂ්කාශන කටයුතු වලදී සුහුරු තාක්ෂණය යහමින් භාවිත කල හැක.

  • *        සෞඛය්‍ය ක්ෂේත්‍රයේ තාක්ෂණය භාවිතය





නව තාක්ෂණයෙන් රෝග හඳුනා ගැනීමටත් රෝගීන් ගැන අවදානය පවත්වා ගැනීමටත් දැනට තිබෙන තත්වය වර්ධනය කර ගැනීමටත්  සුහුරු  තාක්ෂණය  Smart Technology භාවිත කල හැක.

  • *       රොබෝ තාක්ෂණය

ජපානයේ එය මේ වන විට යහමින් භාවිත වේ. ඩොන dorne තාක්ෂණය සමග එය වර්ධනය වන අතර සුහුරු  තාක්ෂණය  මේ සඳහා භාවිත කල හැක.


  • *       03 D තාක්ෂණය
03D ආකාරයෙන් ඕනෑමදෙයක් මුද්‍රණය කර ගැනීමේ හැකියාව.
  • *       සුහුරු නිවාස සදහා   සුහුරු තාක්ෂණය



දුරස්ථව සිට නිවසට ඇතුළු වීම , දුරකථනය, විදුලි බල්බ  රුපවාහිනී, වැනි උපාංග ක්‍රියාත්මක කිරීම , පාලනය කිරීම  සදහා   සුහුරු තාක්ෂණය භාවිත කල හැක.
  • *       සුහුරු අධ්‍යාපනයක් සදහා   සුහුරු තාක්ෂණය

               
                                                                 

සුහුරු තාක්ෂණය භාවිත කල යුතු වන්නේ දරුවා නුතන ලෝකයට නොව අනාගත වැඩ ලෝකයට සුදානම් කිරීමටයි. සුහුරු පන්තිකාමර , අධ්‍යාපන ක්ෂේත්‍රයේ වැදගත් ම පද්ධතියක් වන විභාග කටයුතු වලදී විභාග ඇගයීම් මෙන්ම ඔන්ලයින් (online) ප්‍රශ්න පත්‍ර ලබා දෙන ක්‍රමවේදයක් , E  books(විද්‍යුත් පොත් ), E පුස්තකාල තුලින් සුහුරු අධ්‍යාපනයක් ලබා දීමට සුහුරු තාක්ෂණය භාවිත කල හැක.


ලෝකයේ නවීන තාක්ෂණයේ දියුණුවත්  සමග දැනට අප රට තුලද තාක්ෂණය අඩු වැඩි වශයෙන් භාවිත කරන තත්වයක් ඇතම් ක්ෂේත්‍ර වල දැකිය හැක.
ඒවා නම්,

එක් දිනකින් ගමන් බලපත්‍ර ගැනීමේ හැකියාව, එක් දිනකින් වාහන බලපත්‍ර ලබා ගැනීමේ හැකියාව.
 විදේශිකයෙකුට අන්තර්ජාලය හරහා වීසා ලබා ගැනීමට ඇති හැකියාව.
  Online ගනුදෙනු කිරීමේ හැකියාව, චෙක්පත් නිෂ්කාෂණයේ සාර්ථකත්වය.
සෞඛය ක්ෂේත්‍රයේදී වෛද්‍යවරු වෙන්කරවා ගැනීමට , ඖෂධ වට්ටෝරු ,රෝග ලක්ෂණ ,වෛද්‍ය වාර්තා ලබා ගැනීමේදී අනවශ්‍ය පෝලිම්  වල රැදී රස්තියාදු වීම වලක්වාලීමේ හැකියාව         (දොම්පේ රෝහල එයට  උදාහරණයකි.)
ජනමාධ්‍ය අංශයේ පුරවැසි මාධ්‍ය දක්වා වර්ධනය වී තිබීම. 

දිනෙන් දින දියුණුවන තාක්ෂණයත් සමග ගෝලීය පාර්ශවකරුවෙකු වශයෙන් ලෝකයේ  ඉදිරියට ගමන් කල යුතු වේ.  සුහුරු තාක්ෂණය භාවිතය සදහා තාක්ෂණයත් සමග පුද්ගලයා ද සුහුරු බවට පත් විය යුතුයි. ඒ තුලින්  ජීවන මට්ටම ඉහල නංවාලීමටත් , මුලික අවශ්‍යතා  ඉටු කරගැනීමටත් හැකි විය යුතයි.
භාවිත කරන ජංගම දුරකථනය , ටැබ් පරිගණකය මගින් ජීවන මට්ටම උසස් කර ගැනීමට එය නිවරදිව භාවිත කලයුතු වෙනවා.  ඒ සදහා සාක්ෂරතාවයෙනුත්  සුහුරු තාක්ෂණික දැනුමෙනුත්  පුරවැසියා  සන්නද්ධ කිරීම වැදගත් වේ.


අන්තර්ජාලය ඇසුරෙනි

S රන්දිමා ප්‍රනාන්දු
SC/PG/MAMM/2016/2017/09



0 comments:

Post a Comment