මෙරට
ජනගහනයෙන් 30%ක් පමණ (එනම් මිලියන් 5ක් පමණ) නිතිපතා ඉන්ටර්නෙට් භාවිත කරමින් සිටි බව රාජ්‍ය දත්ත තහවුරු කිරිමකි.
ෆේස්බුක්, ට්විටර්, ඉන්ස්ටග්‍රෑම්
වැනි සමාජ මාධ්‍ය වේදිකා හරහා කැරෙන තොරතුරු, අදහස් හා
රූප හුවමාරු තුල ඕනැම කෙනකුට නොමිළේ බැඳිය
හැකියි. මේ සදහා ඉහළ පරිගණක දැනුමක් අවශ්‍ය නොවේ. යම් බසකින් ටයිප් කළ හැකි නම් එය
ප්‍රමාණවත් වේ. මේවා මහජන සන්නිවේදන සදහා මිස ආයතනගතව හෝ වෘත්තීය මට්ටමින් කැරෙන
මාධ්‍ය නොවෙයි.
ශ්‍රී ලංකාව හා සම්බන්ධ ව්‍යාජ පුවත් (Fake News) ෆේස්බුක් ඇතුළු සමාජ මාධ්‍ය ඔස්සේ පළ වන අවස්ථා ද ද තිබෙනවා. උදා-
“ශ්‍රී
ලාංකිකයන්ට වීසා බලපත්‍ර නොමැතිව ඇමරිකාවට ඇතුළු වීමට අවසර ලබා දෙමින් එරට
ජනාධිපති ට්‍රම්ප් විධායක නියෝගයකට අත්සන් තබා ඇති”
රටේ
එක් ජාතියක පිරිමි හා ගැහැණුන් පමණක් වඳ කරන්න ගන්නා “උත්සාහයන්” ගැන මෙන්ම HIV/AIDS
ගැනත් බොරු භීතිකා විටින්විට යම් පිරිස් පතුරුවනවා.
විදෙස් රහස් ඔත්තු සේවා, වතිකානුව, ඉන්දීය රජය, බහුජාතික සමාගම් වැනි යමක් ඈඳා ගනිමින් කුමන හෝ අභව්‍ය කථාවක් ගොතා මුදා හැරිම
මේ අනුව නව
මාධ්‍ය තුල වගකිම් සම්බන්ධයෙන් වඩාත් ගැටළු සහගත තත්වයන් ගොඩ නැගුනේ 21වන සියවස තුළදීය. විශේෂයෙන්ම නව මාධ්‍ය
පිළිබඳ අත්දැකීම ලෝකයේ බහුතරයකට නව අත්දැකීමක් වන බැවින් එහිදී එකී පුරවැසියන් නව
මාධ්‍ය භාවිතා කිරීමේදී තමන් ගැන පමණක් නොව සමාජයේ අනිකුත් පුරවැසියන් ගැනද සිතිය
යුතුය යන්න තවමත් සමාජ ගත වීම මන්දගාමී වී ඇත. මේ නිසාම නව මාධ්‍ය තුළ හැසිරෙන
පුද්ගල කණ්ඩායම් අතර විවිධ මත භේදාත්මක ගැටළු රාශියක් දක්නය ලැබේ.
ෆේස්බුක්
වැනි සමාජ ජාල වෙබ් අඩවි හරහා ඇතිවන සුලබම ගැටළුව වන්නේ මේ වෙබ් අඩවිය හරහා
කාන්තාවන්ට සිදු කරනු ලබන විවිධ හිරිහැරයන්ය. ඒ නිසාම තමන්ගේ කි‍්‍රයාකලාපය නිසා
සමාජයේ තවත් පුද්ගලයෙකු හෝ වෙනත් ප‍්‍රජාවක් හිරිහැරයට ලක් වන බව ඔවුන්ට නොපෙනේ.
අද්‍යතනය
වන විට බොහෝ තරුණ තරුණියන් තමන්ගේ දෛනික කාලයෙන් වැඩි කොටසක් මෙකී සමාජ ජාල වෙබ්
අඩවි තුළටම වී සිටීමට යොදා ගෙන තිබේ. ඒ හරහා ඔවුන් බලාපොරොත්තු වන්නේ මෙකී සමාජ
ජාල වෙබ් අඩවි තුළින් තමන්ගේ යටි සිත මත කි‍්‍රයාත්මක වන යම් අරමුණක් ඉටු කර
ගැනීමටය. නව මාධ්‍ය භාවිතයේදී වගකිම පිළිබද අවධානය යොමු කිරීමේදී තවත් වැදගත් වන්නේ යම් පුරවැසියෙකුට සිතා මතා අපහාස කිරීම සඳහා යමෙක් කි‍්‍රයාත්මක වන්නේද ඔහුට ඒ සඳහා නිසි ඉඩකඩක් එහිම ඇති බවයි. එනම් ඔහු විසින් සිදු කරනු ලබන යම් කිසි අපහාසාත්මක කි‍්‍රයාවක් ඔහු විසින්ම සිදු කරන ලද්දක්ද යන්න සොයා ගැනීම අපහසු වීම හා නිර්ණාමිකව මෙකී කාර්යයන් සිදු කිරීමට නව මාධ්‍ය තුළ ඉඩකඩ වෙන් කර ඇති වීමයි.
තවද නව
මාධ්‍ය තුළ සාම්ප‍්‍රදායික මාධ්‍යයන්ට සාපේක්‍ෂව ඇති පැතිරී ව්‍යාප්තව යෑමේ වේගය
පිළිබඳ සැලකීමේදී යම් කිසි ප‍්‍රවෘත්තියක් නිවැරදි වුවද වැරදි වුවද ඒ පිළිබඳ සත්‍ය
අසත්‍යතාවය සොයා ගැනීමට කලින් එය සමාජගත වී අවසන් වීමද විශාල ගැටළුවකි.
මේ නිසාම “ෆේස්බුක්
එකේ share වන හැම මගුලම ඇත්ත කියා ගන්න එපා!” යැයි “1802 ජූනි 16
වනදා මහනුවර මගුල් මඩුවේදී” ශ්‍රී වික්‍රම රාජසිංහ රජතුමා කියයි.
දැන් නව මාධ්‍ය, ප්‍රබල ප්‍රසිද්ධ සන්නිවේද ධාරවක් බවට
පත්වෙමින් යන බැවින් මේවා නුසුදුසු හෝ, සමාජ ගෝචර නොවන ලක්ෂණ බව පිළිගත යුතුව
තිබේ. සුවපිරිසක් හැරුණ විට, අන්තර්ජාලය මාධ්‍ය ධාරවේ වැඩි දෙනෙකුට ප්‍රශස්ත බස් වහරක් දක්නට නැත.
ජයමිණි
ඉලේපෙරුම
SC/PG/MAMM/ 2016 /14
0 comments:
Post a Comment