ශ්‍රී ලංකාවේ
කිනම් දිස්ත්‍රික්කයක කනම් ස්ථනයක පිහිටි සිල්ලර කඩ, තේ කඩ, ෆෝන් කඩ මේ ආදී ඕනෑම ඕනෑම
කඩයක ඉක්මනින් විකිණෙන අනිවාර්ය විකුණුම් භාණ්ඩයක් වේ. රූපවාහිනී, ගුවන් විදුලි,
පුවත්පත් මේ සෑම මාධ්‍යකටම එහි වෙළඳ දැන්වීම්වලින් හිඟයක් නැත. ඒ භාණ්ඩය අන්
කිසිවක් නොව ඩේටා කාඩ්ය. විද්‍යා හා තාක්ෂණ, ඩිජිටල් යටිතල පහසුකම්. විදුලි සංදේශන
ආදී රාජ්‍ය අමාත්‍යාංශ ගණනාවකින්ම ප්‍රවර්ධනයට ලක්කරනු ලබන ජනතාවගේ අන්තර්ජාල
පරිශීලනය, මතුපිටින් බැලූ විට පෙනෙන්නේ මේවන විට
ඉන්ධන, විදුලිය මෙන් මෙරට අත්‍යඅවශ්‍ය සේවවක් බවට පත්ව ඇති සේයාවකි.
නව මාධ්‍ය
මෙන්ම ඒ හා බැඳි ජන සන්නිවේදන, ව්‍යාපාර, අධ්‍යාපන මේ ආදී සෑම කාර්යයක් සඳහාම
කල්පිත ගොඩනැඟීමට පෙර පළමුව අන්තර්ජාල
පරිශීලනයේ ශ්‍රී ලංකාව තුළ පවතින ස්වරූපය අධ්‍යයනය කළ යුතුය.
ශ්‍රී
ලාංකික ජනතාවගේ අන්තර්ජාල පරිශීලන ස්වරූපය පිළිබඳව අවසන්වරට සමීක්ෂණයක් සිදුව
ඇත්තේ 2018 ජනවාරි - ජුනි කාර්තුව තුළයි. ජන හා සංඛ්‍යා ලේඛන දෙපාර්තමේන්තුව
විසින් කළ එම සංගණනයේදී 2017, 2018 යන වර්ෂ දෙකෙහි පළමු කාර්තු 2 තුළ ශ්‍රී
ලංකාවේ පරිපාලන දිස්ත්‍රික්ක 25 හිම ජනතාව
අන්තර්ජාලය හා විද්‍යුත් තැපෑල භාවිතා කිරීම පිළිබඳ ප්‍රතිශතාත්මකව දක්වා ඇති වගුව
පහතවේ.
දිස්ත්‍රික්කය
|
2017
අන්තර්ජාල පරිශීලන ප්‍රතිශතය
|
2018 අන්තර්ජාල පරිශීලන ප්‍රතිශතය
|
2018 වි. තැපැල්
පරිශීලන ප්‍රතිශතය
|
2018 වි. තැපැල්
පරිශීලන ප්‍රතිශතය
|
කොළඹ
|
44.6
|
44.9
|
26.3
|
20.4
|
ගම්පහ
|
27.2
|
30.2
|
15.1
|
13.2
|
කළුතර
|
21.3
|
29.3
|
9.6
|
8.4
|
මහනුවර
|
24.8
|
27.1
|
12.4
|
11.7
|
මාතලේ
|
16.7
|
17.5
|
8.4
|
6.3
|
නුවරඑළිය
|
7.6
|
13.0
|
5.2
|
8.5
|
ගාල්ල
|
21.3
|
24.8
|
11.7
|
10.5
|
මාතර
|
15.7
|
27.7
|
4.9
|
9.4
|
හම්බන්තොට
|
13.3
|
15.3
|
7.4
|
3.9
|
යාපනය
|
25.7
|
34.0
|
11.4
|
9.4
|
මන්නාරම
|
17.3
|
26.2
|
6.7
|
16.5
|
වවුනියාව
|
30.7
|
37.9
|
6.6
|
8.9
|
මුලතිව්
|
10.7
|
17.1
|
5.5
|
4.7
|
කිළිනොච්චි
|
10.5
|
18.8
|
4.0
|
5.5
|
මඩකළපුව
|
15.6
|
23.6
|
7.4
|
9.8
|
අම්පාර
|
16.2
|
24.8
|
10.4
|
8.1
|
ත්‍රිකුණාමාලය
|
13.2
|
15.7
|
9.5
|
9.4
|
කුරුණැගල
|
20.3
|
22.1
|
9.5
|
6.2
|
පුත්තලම
|
26.0
|
35.0
|
6.2
|
6.4
|
අනුරාධපුර
|
12.2
|
22.4
|
5.4
|
6.2
|
පොළොන්නරුව
|
10.7
|
11.0
|
3.9
|
4.9
|
බදුල්ල
|
4.9
|
10.1
|
5.2
|
6.2
|
මොණරාගල
|
5.6
|
13.3
|
2.6
|
3.7
|
රත්නපුර
|
15.4
|
13.5
|
8.0
|
5.4
|
කෑගල්ල
|
16.4
|
19.2
|
8.5
|
8.8
|
මෙම දත්ත අධ්‍යයනයෙදී පෙනී යන කරුණක්
වනුයේ 2017 වර්ෂයට වඩා 2018 වර්ෂය වන විට ශ්‍රී ලංකාවේ සියලුම දිස්ත්‍රික්කයන්හි
ජනතාවගේ අන්තර්ජාල පරිශීලනය ශීඝ්‍ර ලෙස ඉහළ නැංවී ඇති බවයි. අදාළ කාල සීමාව තුළ
ඉහළම අන්තර්ජාල පරිශීලන ප්‍රතිශතය වන 44.9% කොළඹ දිස්ත්‍රික්කයෙන් වාර්තාවන අතර
අවම පරිශීලනය 10.1% බදුල්ල දිස්ත්‍රික්කයෙන් වාර්තාවේ. අන්තර්ජාල
පරිශීලනයේ දිස්ත්‍රික්ක 25හි මධ්‍යනය 25.5%ක් සැලකිය හැකිය. අදාළ
කාල සීමාව තුළ ඉහළම විද්‍යුත් තැපැල් පරිශීලන ප්‍රතිශතය වන සියයට 20.4% කොළඹ දිස්ත්‍රික්කයෙන් වාර්තාවන අතර
අවම පරිශීලනය 3.7% මොණරාගල දිස්ත්‍රික්කයෙන් වාර්තාවේ. අන්තර්ජාල
පරිශීලනයේ දිස්ත්‍රික්ක 25හි මධ්‍යනය 9.8%ක් ලෙස සැලකිය හැකිය.
යම් ප්‍රතිශතයකින්
ජනතාවගේ අන්තර්ජාල පරිශීලනය ඉහළ යාම සාධනීය තත්ත්වයක් වූ නමුත් ශ්‍රී ලංකාවේ ප්‍රධාන
දිස්ත්‍රික්කය වන කොළඹ ඇතුළු කිසිදු දිස්ත්‍රික්ක 25 හි අන්තර්ජාල පරිශීලනය 50% සීමාවට වඩා අඩුය.
2017,2018 වර්ධන වේගය අනුව 50% සීමාවක් සම්පූර්ණ
කරගැනීමට නම් කොළඹ දිස්ත්‍රික්කයට තවත් වසර 5ක කාලයක් අවශ්‍ය වේ. බදුල්ල දිස්ත්‍රික්කයට
තවත් වසර 20ක කාලයක් අවශ්‍ය වේ.
ඉනික්බිතිව
විමසා බැලිය යුත්තේ 25%ක් පමණ ප්‍රතිශතයක් වන
අනතර්ජාල පරිශීලන ජනතාව කිනම් වයස් සීමාවකට අයත් ද යනුවෙනි. ජන හා සංඛ්‍ය
ලේඛන දෙපාර්තමේන්තුවේ මීට අදාළ සංඛ්‍ය ලේඛන අනුව පර්යේෂණයට අදාළ වයස් සීමාවන්
සිටින ලාංකීය ජනතවා අන්තර්ජාල හා විද්‍යුත් තැපැල් භාවිතයේ ස්වරූපය මෙසේ වගුගත කළ
හැකිය.
වයස් ඛාණ්ඩය
|
2017 අන්තර්ජාල පරිශීලන ප්‍රතිශතය
|
2018 අන්තර්ජාල පරිශීලන ප්‍රතිශතය
|
2018 වි. තැපැල්
පරිශීලන ප්‍රතිශතය
|
2018 වි. තැපැල්
පරිශීලන ප්‍රතිශතය
|
5-14
|
8.9
|
9.5
|
11.0
|
9.8
|
14 - 19
|
36.1
|
39.8
|
15.6
|
11.0
|
20
- 24
|
51.9
|
61.1
|
29.2
|
26.4
|
25
- 29
|
46.2
|
54.7
|
25.8
|
24.1
|
30
- 34
|
33.8
|
42.5
|
18.7
|
17.8
|
35
- 39
|
25.3
|
32.1
|
13.5
|
12.8
|
40
- 49
|
17.8
|
23.2
|
9.9
|
9.8
|
50
- 59
|
9.1
|
12.4
|
5.7
|
5.3
|
69
- 60
|
4.9
|
5.4
|
3.0
|
2.8
|
මෙම ප්‍රතිශතාත්මක
ප්‍රමාණයන් තවදුරටත් මෙසේ ප්‍රස්ථාරගත කළ හැකිය.
උක්ත දත්ත අනුව පෙනී යන්නේ තරුණ අවධිය පසුකරන පුද්ගලයින්ගේ අන්තර්ජාල පරිශීලන ප්‍රතිශතය වයස අනුව පරිණත පුද්ගලයින්ගේ ප්‍රතිශතයට වඩා විශාල ප්‍රතිශතයකින් ඉහළ බවයි. එනම් තවමත් ශ්‍රී ලංකාව තුළ අන්තර්ජාල පරිශීලනය තරුණ පරිශීලනයක් පමණි. මින් අවසන් කොටසේ දක්වා ඇති වයස අවුරුදු 5 – 14 සහ 60 – 69 වයස් සීමා නිශ්ක්රීය මට්ටමින් සළකා ඉවත් කළහොත් සමස්ථ අන්තර්ජාල පරිශීලකයන්ගෙන් 80% ක් නියෝජනය කරන්නේ 14 -39 වයස් සීමාවයි. බෞද්ධ
දර්ශනයේදී ප්‍රඥ අවධිය ලෙස සැලකනේ වයස අවුරුදු 40න් පසු පුද්ගලයන් නව මාද්‍ය
පරිශීලනය අවම මට්ටමක පැවතීම සුබදායක නැත.
ජන හා සංඛ්‍යා ලේඛන
දෙපාර්තමේන්තුව යනු සංගණන විෂයට ආධුනික දෙපාර්තමේන්තුවන් නොවේ. එහෙයින් කළ යුත්තේ මේ
ඉලක්කම් පිළිබඳ සැක සංකා උපදාවා ගැනිම නොව නව මාධ්‍ය හා සයිබර් අවකාශය පුඵල්කර
ගැන්ම සඳහා මහජන තොරතුරු තාක්සණ සාක්ෂරතාව ඉහළ නංවාලීමට ජාතික වැඩපිළිවෙළක් ක්‍රියාවට
නැංවීමයි.
L.A. Samarasinghe
0 comments:
Post a Comment