මාධ්‍ය ඒකාධිකාරය හා සමාජ මාධ්‍ය භාවිතය
මිනිසාගේ
ආරම්භයත් සමඟ පැවත එන
සන්නිවේදන අවශ්‍යතාවය මානවයාගේ පරිණාමය සමග ම යාවත්කාලීන වී පරිණත දියුණු විද්‍යාත්මක
පසුබිමක් සහිත මොහොතින් මොහොත වෙනස් වීමට භාජනය වන විෂය පථයක් බවට පත් වී ඇත. එය කොතෙක් දුරට සංවර්ධනය වී ඇත් ද යත් මේ වන
විට සන්නිවේදන ක්‍රියාවලි ජ්‍යාත්‍යන්තර වශයෙන් පිළිගත් විෂය ධාරාවක් බවට ද පත් වී
ඇත.
මේ
තත්ත්වයක දී මූලික වශයෙන් සම්ප්‍රදානුකූල සන්නිවේදන ක්‍රියාවලියේ විද්‍යුත් ප්‍රවිශ්ඨයන්
වූ ගුවන් විදුලිය හා රූපවාහිනිය ප්‍රවර්තකයන් ලෙස කටයුතු කළ ද සහශ්‍රයේ දී සංවර්ධන
වූ සමාජ මාධ්‍ය අද මේ වන වට සමාජයීය / දේශපාලනික / ආර්ථික සංස්කෘතික වශයෙන් පෙරළිකාර මාධ්‍ය විධික්‍රමයක්
ලෙස ස්ථාපනය වී ඇත.
කුඩා
විද්‍යුත් ඉලෙක්ට්‍රොනික උපකරණයක් භාවිතයෙන් ලොවක් ආමන්ත්‍රණය කීරීමේ විශ්වීය
ගුණාංගය හේතුවෙන් මේ තත්ත්වය සීඝ්‍රයෙන් ප්‍රචලිත හා ජනප්‍රිය වී ඇත.
ගෝලීයකරණයට ලක්වූ සමාජ වපසරියක මූලාරම්භය සඳහා
සමාජ්‍ය මාධ්‍යයේ දායකත්වය සුළුපටු නොවේ.
කිසියම්
රාජ්‍යයක දේශපාලනික හා ආර්ථික ප්‍රතිපත්තීන් හි සමාජ පැතිකඩ විවරණය කිරීමේ හා
විවේචනය කිරීමේ හැකියාව මත රජ්‍යයන් හි දේශපාලනික ගතිකයන්ට මඟ පාදන ඉලෙක්ට්‍රොනික
සාධක අතර, වඩාත් සාධණීය කාරණාවක් බවට මෙම සමාජ මාධ්‍ය පත්වී තිබේ.
අවමයෙන්
ද්විපාර්ශ්වික හෝ ඊට වඩා පාර්ශ්වීය දායකත්වයක් සහිත බැවින් මේ සදහා පවතින ඉල්ලුම
ඉතා ඉහළ මට්ටමක පවතී. ග්‍රාහකයාගේ
විචාරශීලී නිගමනයන් සඳහා ඇති ඉඩකඩ නිසාවෙන් මෙම තත්ත්වය සමාජ ස්ථරයේ සරළ සාමාන්‍ය
භාවිතයක් බවට පත් වී ඇත.
අධිතාක්ෂණික
මෙවලම් භාවිතයෙන් ක්‍රියාත්මක වීම මත ග්‍රාහකයාගේ තොරතුරු උපයෝගීතාවය වඩාත්
වේගයෙන් හා ඔහුගේ අවශ්‍යතාවයට අනුකූල ලෙස සැපයීමේ විශේෂ හැකියාවක් මත මෙම සමාජ
මාධ්‍ය වාඩා ඉදිරියෙන් පවතින අතර, ඒ හේතුවෙන් සාම්ප්‍රදායික ඒක පාර්ශ්වීය මාධ්‍ය
රටාව ක්‍රමයෙන් ග්‍රාහක සමාජය බැහැර කිරීමට ලක් වී ඇත.
කාලය
හා අවකාශය මත සියල්ල තීරණය වන අධි තාක්ෂණික යුගයක මෙම තත්ත්වය බහුල වශයෙන් ව්‍යාප්ත
වුව ද මෙම හේතුවෙන් සමාජයේ අචාර ධර්ම සහ පෞද්ගලික නිදහස සංස්කෘතීමය රාමුව බිඳවැටී
ඇති අතර, මෙම සමාජ මාධ්‍ය වනාහි සහශ්‍රයේ මිනිසාගේ හිස පැළදි කටු ඔටුන්නක් මෙන් ම
දැලි පිහියෙන් කිරි කෑමේ ක්‍රියාව මෙන් අවදානම් සහිත බව ද අමතක නොකළ යුතුව
ඇත.
SC/PG/MM/2014/2015
/18
ඩී.පි.
මහේෂ් නිශ්ශංක
0 comments:
Post a Comment