Pages

Monday, October 16, 2017

නව මාධ්‍ය භාවිතයේ අතරමං වූ මානව සම්පත



කාර්මික විප්ලවය සහ බුරුසුවා පනත බිහිවිමත් සමගින් මධ්‍යගත යු‍ගයේ මිනිසා තමන්ගේ තොරතුරු පිපාසාව හෙවත් තොරතුරු උපයෝගිතාවය සංසිදුවා ගනු ලැබුවේ මුද්‍රිත මාධ්‍ය භාවිතයෙන් වේ.  චීන ජාතිකයින් විසින් පුරාතනයේදී සොයාගත් කඩදාසී නිෂ්පාදනය භාවිතයෙන් වඩාත් වර්ධනය වූ මුද්‍රිත කාර්මාන්තය තුලින් පුවත්පත් සහ ග්‍රන්ථ ප්‍රකාශන බිහිවීම සිදුවිය.  වැඩවසම් සමාජයෙන් ඈත්වී මිනිසුන්ට නූතන සමාජය දක්වා පරිවර්ථනය වීමේ ක්‍රියාවලිය සඳහා පිටිවහලක් සැපයීම මුද්‍රිත මාධ්‍යයේ කාර්යභාරය විය.  


එහි ප්‍රථිපලයක් ලෙස සංහතික මාධ්‍යයේ දියුණුව සහ සංහතිකයාගේ සාක්ෂරතා වර්ධනයද ගෙන හැර දැක්විය හැක.
සමාජයක සමාජීය/දේශපාලනික/ආර්ථික සංස්කෘතිමය දියුණුව සඳහා මිනිසාගේ ක්‍රියාකාරකම් හා යහපත් ප්‍රතිඵලයන් ඉවහල් වන අතර අන්නෝන්‍ය වශයෙන් සමාජ ස්ථරයන්ගේ සාමාජිය දේශපාලනික සහ ආර්ථික ප්‍රතිපත්ති සහ අභිලාෂයන් පිළිබඳ දැනුවත් වීමේ දි උක්ත මුද්‍රිත මාධ්‍ය භාවිතයේ පිටිවහල ඍජුවම බලපනා ලදි. කිසියම් සමාජයක නිර්මාණාත්මක ප්‍රවේශයන්ගේ ප්‍රාමාණික බව එම සමාජයේ පැවැත්ම උදෙසා මහඟු මෙහෙවරක් සිදු කරයි.  උදාහරණයක් ලෙස සෘජුවම සමාජගත කල නොහැකි සංසිද්ධීන් පිළිබඳව කලාකරුවා සාහිත්‍යකරුවා ඔහුගේ නිර්මාණකලාව මෙවලමක් ලෙස යොදා ගනිමින් අප‍හාසත්මක හෝ උපහාසත්මක ක්‍රමෝපායන් භාවිතයෙන් සාහිත්‍ය නිර්මාණයේ සමාජගත කරනු ලබයි.
ඒ තුළින් සමාජයේ සියළු අංශ වෙත බලපෑම් කරන අතර,  එම ක්‍රියාවලිය අවසානයේදි සියල්ලටම පොදු ධර්මතාවයන් සංස්කෘතින් උප සංස්කෘතින් නව නීති හා ක්‍රම සම්පාදනයන් මගින් සමාජය නිවරදි මාවතකට යොමු කරය  මේ වු කුලි සාමාජීය අවශ්‍යතාවක් වන අතර, ඒ සඳහා මුද්‍රිත මාධ්‍යයේ වගකීම මෙහෙවර අතිමහත්ය.
උදාහරණයක් ලෙස ගතහොත් මාර්ටින් වික්‍රමසිංහයන්ගේ ගම්පෙරළිය පරිශීලනයේ දී අපගේ සංස්කෘතික ග්‍රාම්‍ය ගුණංග සහ හැසිරිම පිළිබඳ දැනුම සහ අවබෝධය මැනවින් උකහා ගත හැක.


වැනි‍සියේ වෙළෙන්දා මුල් කෘතිය සම්පාදනයෙන් වැනිසියේ තිබු නීතිමය තත්ත්වයන් යථාවත් වී නව නීති ප්‍රසම්පාදනය කිරීමට වැනිසිය කටයුතු කල බව අප හොඳින් දන්නා කරුණකි. 
කෙසේ වුවද මෙම මුද්‍රිත මාධ්‍ය මගින් සංහතිකයා සංවර්ධනය වී ඔපමට්ටම් වුවද සහශ්‍රයේදි සංවර්ධනය වූ සමාජ මාධ්‍ය නිසාවෙන් නැවතත් නුතන සංහතිකයා ආපස්සට ගමන් කිරිම අරඹා ඇත. 
එනම් මේ වන විට පුවත්පත් පොත්පත් ග්‍රන්ථ කෘතින් පරිශිලනය කිරිමෙන් බැහැරව එයද ඉලෙක්ට්‍රොනික උපකරණ මෙවලම් භාවිතයෙන් උකහා ගැනීමට පෙළඹී ඇත. සෞන්දර්යාත්මක කෘතින් නිර්මාණ පතපොත පරිශිලනය කිරිමේ අලස කම වර්තමානයේ කුඩා දරුවාගේ සිට මහල්ලා දක්වා එකසේ මනස්ගත වී ඇත.  මෙය ඉතා අවාසනාවන්ත තත්ත්වයකි.  මෙ ඔස්සේ මිනිසා සීමා සහිත රාමුවකට කොටු වූ බවක් දක්නට ලැබේ.  විශේෂයෙන්ම ළමා මනස සංවර්ධනය කිරීමේ හි ලා  මහත් පිටිවහලක් වූ පත පොත පරිශිලනය වේගයෙන් මියයමින් සිටි.  මේ සඳහා කිසිදු විකල්පයක් ලබාදීමට නොහැකි වී ඇති අතර, සිදුව ඇත්තේ වැළකීම නොව වැනසීම අවම කර ගැනීම වේ.
සාමාජීය මනු ධර්ම අන්නෝන්‍ය අවබෝධය සංවේදි බව හා මානව හිතවාදි දෘෂ්ඨිවාදි පැතිකඩ සම්පූර්ණයෙන්ම වැළලී ගොස් ඇති අතර, ඉලෙක්ට්‍රොනික් මෙවලමකට යටපත් වී තම දෛනික දිවිපෙවෙත ගත කිරිම මුළු මහත් සමාජයේම පුරුද්දක් ‍බවට පත් වී ඇත
කොතරම් විද්‍යාත්මක අවදානමක සේයා මතුවුවද ඉලෙක්ට්‍රොනික ලෝකයෙන් මිදීමට ගෝලීයකරණය වූ සංහතික සමාජය දැන්  ප්‍රමාද වැඩි බව හැ‍‍ගේ
සියදිවි නාසාගැනීම්/අනාථ නිවාස/ගබ්සාව ආදි සාමාජීය අවපතයන් මිනිස් සිරුර තුල නිදන් ගතවී ඇත්තේ ඔවුන්ගේ මනස තුල සෞන්දර්ත්මක පදනමක් නොපවතින නිසාවෙනි.  ඔවුන් මෙම තත්ත්වයට ගොදුරු වුයේ  මුද්‍රිත මාධ්‍යයේ පිරිශිලනය පසෙකලා ඉලෙක්ට්‍රොනික ලෝකයට පය තැබු දා සිටය.



මහා දාර්ශනික මනෝවිද්‍යාඥ සිග්මන් ප්‍රොයිඩ් ගේ මතවාදය අනුව මිනිසාගේ සිත තුළ පවතින තෙවැදෑරුම් සිතුවිලි ත්‍රිත්වය එනම් ID/EGO/SUPER EGO යන තත්ත්වයන් හි ඇතිකරගත යුතු ස්වයං විනිශ්චයන් හා පාලනයන් ප්‍රගුණ කිරීම සඳහා අවශ්‍ය ප්‍රතිරෝධාත්මක බලවේග මනස තුළ ගොඩනැගිය යුතු ය. ඒ සඳහා මිනිස් සිත තුළ ජනිත කළ යුතු සෞන්දර්යාත්මක ප්‍රඥාව ප්‍රවර්ධන කිරීමෙ හි ලා පතපොත පරිශීලනය හෙවත් මුද්‍රිත බස පරිහරණය කිරීමට මහඟු ක්‍රමවේදයකි.
එහෙත් එයින් මිදී සීඝ්‍රයෙන් සහ සංස්කරණ වූ අසම්පූර්ණ විද්‍යුත් කියවීම් ඒ සඳහා ප්‍රමාණවත් දායකත්වයක් නොසපයයි.  දීර්ඝ කාලීනය මෙම තත්ත්වය වර්ධනය වී හෝමෝ ඉක්ටේකස් හෝමෝ සයිපියන් ආදී මානව සමාජයෙන් වර්තමාන සංවර්ධිත මිනිසා දක්වා පැමිණි වර්තමාන ගමන් ගම නැවතත් ආපහු හැරි පුරාතන හොමෝ සයිපියන් දක්වා ගමන් කිරීමට කා හට වලකාලිට හැකි වේද?



SC/PG/MM/2014/2015/18
ඩී.පී.මහේෂ් නිශ්ශංක 


Friday, October 13, 2017

මාධ්‍ය ඒකාධිකාරය හා සමාජ මාධ්‍ය භාවිතය

මාධ්‍ය ඒකාධිකාරය හා සමාජ මාධ්‍ය භාවිතය



මිනිසාගේ ආරම්භයත් සමඟ පැවත එන සන්නිවේදන අවශ්‍යතාවය මානවයාගේ පරිණාමය සමග ම යාවත්කාලීන වී පරිණත දියුණු විද්‍යාත්මක පසුබිමක් සහිත මොහොතින් මොහොත වෙනස් වීමට භාජනය වන විෂය පථයක් බවට පත් වී ඇත.  එය කොතෙක් දුරට සංවර්ධනය වී ඇත් ද යත් මේ වන විට සන්නිවේදන ක්‍රියාවලි ජ්‍යාත්‍යන්තර වශයෙන් පිළිගත් විෂය ධාරාවක් බවට ද පත් වී ඇත.






මේ තත්ත්වයක දී මූලික වශයෙන් සම්ප්‍රදානුකූල සන්නිවේදන ක්‍රියාවලියේ විද්‍යුත් ප්‍රවිශ්ඨයන් වූ ගුවන් විදුලිය හා රූපවාහිනිය ප්‍රවර්තකයන් ලෙස කටයුතු කළ ද සහශ්‍රයේ දී සංවර්ධන වූ සමාජ මාධ්‍ය අද මේ වන වට සමාජයීය / දේශපාලනික / ආර්ථික  සංස්කෘතික වශයෙන් පෙරළිකාර මාධ්‍ය විධික්‍රමයක් ලෙස ස්ථාපනය වී ඇත.
කුඩා විද්‍යුත් ඉලෙක්ට්‍රොනික උපකරණයක් භාවිතයෙන් ලොවක් ආමන්ත්‍රණය කීරීමේ විශ්වීය ගුණාංගය හේතුවෙන් මේ තත්ත්වය සීඝ්‍රයෙන් ප්‍රචලිත හා ජනප්‍රිය වී ඇත.



ගෝලීයකරණයට ලක්වූ සමාජ වපසරියක මූලාරම්භය සඳහා සමාජ්‍ය මාධ්‍යයේ දායකත්වය සුළුපටු නොවේ. 

කිසියම් රාජ්‍යයක දේශපාලනික හා ආර්ථික ප්‍රතිපත්තීන් හි සමාජ පැතිකඩ විවරණය කිරීමේ හා විවේචනය කිරීමේ හැකියාව මත රජ්‍යයන් හි දේශපාලනික ගතිකයන්ට මඟ පාදන ඉලෙක්ට්‍රොනික සාධක අතර, වඩාත් සාධණීය කාරණාවක් බවට මෙම සමාජ මාධ්‍ය පත්වී තිබේ.
අවමයෙන් ද්විපාර්ශ්වික හෝ ඊට වඩා පාර්ශ්වීය දායකත්වයක් සහිත බැවින් මේ සදහා පවතින ඉල්ලුම ඉතා ඉහළ මට්ටමක පවතී.  ග්‍රාහකයාගේ විචාරශීලී නිගමනයන් සඳහා ඇති ඉඩකඩ නිසාවෙන් මෙම තත්ත්වය සමාජ ස්ථරයේ සරළ සාමාන්‍ය භාවිතයක් බවට පත් වී ඇත.


අධිතාක්ෂණික මෙවලම් භාවිතයෙන් ක්‍රියාත්මක වීම මත ග්‍රාහකයාගේ තොරතුරු උපයෝගීතාවය වඩාත් වේගයෙන් හා ඔහුගේ අවශ්‍යතාවයට අනුකූල ලෙස සැපයීමේ විශේෂ හැකියාවක් මත මෙම සමාජ මාධ්‍ය වාඩා ඉදිරියෙන් පවතින අතර, ඒ හේතුවෙන් සාම්ප්‍රදායික ඒක පාර්ශ්වීය මාධ්‍ය රටාව ක්‍රමයෙන් ග්‍රාහක සමාජය බැහැර කිරීමට ලක් වී ඇත.
කාලය හා අවකාශය මත සියල්ල තීරණය වන අධි තාක්ෂණික යුගයක මෙම තත්ත්වය බහුල වශයෙන් ව්‍යාප්ත වුව ද මෙම හේතුවෙන් සමාජයේ අචාර ධර්ම සහ පෞද්ගලික නිදහස සංස්කෘතීමය රාමුව බිඳවැටී ඇති අතර, මෙම සමාජ මාධ්‍ය වනාහි සහශ්‍රයේ මිනිසාගේ හිස පැළදි කටු ඔටුන්නක් මෙන් ම දැලි පිහියෙන් කිරි කෑමේ ක්‍රියාව මෙන් අවදානම් සහිත බව ද අමතක නොකළ යුතුව ඇත.    









SC/PG/MM/2014/2015 /18
ඩී.පි. මහේෂ් නිශ්ශංක